Ala Baduma අල බැඳුම
අල බැඳුම ala baduma
අවශ්‍ය ද්‍රවය
- අල 500g(අල ගෙඩිය 4ට කපා දිගට කපාගන්න )
- ළුණු 250g
- උම්මලකඩ 75g
- සුදුළුණු බික් 3
- කරපිංචා
- ඉගුරු 10g
- කැලිමිරිස් 50g
- ලුණු (අවශ්‍ය ප්‍රමාණයට )
- රම්පේ (පොඩි කැබැල්ලක් )
- සිනි තේ හැදි 1ක
- දෙහි යුෂ තේ හැදි 3
සාදන ක්‍රමය
ගැඹුරු තෙලේ අල හා ළුණු වෙන වෙනම රන්වන් පැහැය වනතෙක් බැදගන්න.ඉන්පසු වෙනත් භාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා සුදුළුණු එක්කර ගන්න.එය බැදී එන විට කරපිංචා,රම්පේ,ඉගුරු දමා එය මදගින්නේ තබා පසුව කැලිමිරිස් එකතු කර මදාවේලාවකින් උම්මලකඩ දමා ගන්න.ඉන්පසු බැදගත් භාජනය ඉවතට ගෙන බැදගත් අල සහ ළුණු එකතු කර ගන්න.අවසානයේදී ලුණු,දෙහියුෂ සහ සිනි එකතු කර මිශ්‍ර කර මද වේලාවක් තියන්න.
