Apple Curry ඇපල් ව්‍යාංජනය සාදාගන්නා ආකාරය Sinhala Recipes

apple curry ඇපල් ව්‍යාංජනය සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

(මෙය 3/4දෙනෙකුට සෑහෙන ප්‍රමාණයකි.)

  • ලොකු කොළ ඇපල් ගෙඩි 2ක් මැද ඇට සහිත නාරටි කොටස ඉවත්කර සාමාන්‍ය තීරුවලට කපාගන්න.(ග්‍රැනී ස්මිත් granny smith ඇපල්).
  • ගොඩක් ඇඹුල් නම් වඩාත් සුදුසුයි.
  • සිහින්ව කපාගත් බී ළුනු බාගයක්
  • පොඩයට කපාගත් සුදු ළුනු බික්3/4
  • අඹ තේ.හැදි 1ක්
  • ඉගුරැ කැල්ලක්
  • රම්පේ , කරපිංචා
  • සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2/3
  • කැලි මිරිස් තේ.හැදි 2ක්
  • මිරිස් කුඩු තේ.හැදි 1ක්
  • බැදපු තුනපහා මෙ.හැදි 1.5ක්
  • පොඩි හකුරැ කැලි 2ක්
  • පොල් කිරි කොප්ප කාලක්.

සාදාගන්නා ආකාරය

මැටි හට්ටියක්(වඩාත් සුදුසුයි) හෝ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් දාලා රත්වෙද්දි අබ ඇට ටිකක්, චොප් කරගත්ත සුදුළූණු,ඉගුරු,කරපිංචා,රම්පෙ,ලූණු ගෙඩි බාගයක් පෙති කපලා,අමුමිරිස් කරල් දෙකක් කපලා(මං දැම්මෙ ඉදිච්ච මිරිස්)දාලා යාන්තමට බැදෙනකොට ඇපල් ටික දාන්න.ඊට පස්සෙ බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. වතුර ටිකක් උණනකොට හකුරු පොඩි කෑලි දෙකක් දාලා දියවෙන්න හැදිගාන්න.(සීනි/කිතුල් පැණි වුණත් හොදයි.)දැන් වතුර මේස හැදි 2ක් දාලා හැදි ගාලා මූඩියෙන් වහලා විනාඩි 10ක් ඉදෙන්න අරින්න. ඊට පස්සෙ ඇරලා බලන්න ඇපල් කෑලි මොළොක් වෙලාද කියලා.මොළොක් වෙලා නන් පොල් උකු කිරි කෝප්ප කාලකට ටිකක් අඩුවෙන් දාලා කලවම් කරන්න. හොද්ද ගොඩක් බොරටයි තියෙන්න ඕනෙ.ඒ නිසා ගොඩක් දාන්න එපා.දැන් ඇපල් කෑලි පොඩිවෙන තරමට උයාගෙන ලිපෙන් බාලා පෙරේතකමට කන්න ගිහින් අතයි කටයි පුච්ච ගන්න

Apple Curry ඇපල් ව්‍යාංජනය සාදාගන්නා ආකාරය