Advertisement
Hot Kello

Sini bello සීනි බෙල්ලෝ

Sini bello සීනි බෙල්ලෝ

අවශ්‍ය ද්‍රව්‍ය

  • 1.පිටි කෝප්ප 1
  • 2.රුලං මේස හැඳි 2
  • 3.වතුර මේස හැඳි 5
  • 4.පොල් තෙල්

සීනි පැණි

  • 1.සීනි කෝප්ප ½
  • 2.කුඩු කරගත් කරඳමුංගු ඇට
  • 3.වතුර

සාදන ආකාරය

*මුලින්ම පිටි කෝප්පය භාජනයට දමා ගන්න.
*ඉන්පසුව එයටම රුලං මේස හැඳි 2 දමා ගන්න .
*දැන් සිනි බෙල්ලන් බෙදීමට ගන්නා තෙල් වලින් මේස හෙන්දක් පමණ රත්වෙන්නට තබා එයටම එක්කරගන්න.
*මේසියල්ල හොදින් කලවම් කරගෙන වතුර ටික ටික එකතු කරමින් ටිකක් තද පිටි ගුලියක් සදා ගන්න.
* එය හොදින් අනා පැය භාගයක් පමණ වස තබන්න .
*දැන් පිටි බෝලය අරගෙන පුංචි පුංචි එකසමාන බෝල ගොඩක් සදා ගන්න .
*ඉන්පසුව එම පුංචි පිටි බෝලයක් අතට ගෙන ගැරෝප්පුවේ පිට පැත්ත මත තබා එම බෝලය මහපට ඇඟිල්ලෙන් තද කරමින් කෙලවරට ගන්න එතකොට අර හැඩය ගන්න පුළුවන්.
*සියලුම පුංචි බෝල ඒ ආකාරයට සාදාගෙන තෙල් රත් වීමට තබා රත් වූ පසු මේ බෝල දමා හැන්දෙන් කලවම් කරමින් අඩු ගින්දරේ බැදගන්න.
*ක්රිස්පී ගතිය ලබගැනීමට බැදපු බෙල්ලන් නැවත මිනිත්තු එකක් බැදගන්න.
*සියල්ලම බැදාගත් පසු ඒවා හොදින් නිවෙන්නට තබා සිනි පැණි එක සාදාගෙන බෙල්ලන් එකතු කර හොදින් පැණි තවරගෙන වෙනත් භාජනයකට මාරු කර නිවෙන්නට තබන්න.
*දැන් එහි රස බලන්න.



Sini bello Sinhala Recipe සීනි බෙල්ලෝ

Sini bello Recipe,සීනි බෙල්ලෝ,Sini bello Recipe Sinhala

Sini bello Recipe,සීනි බෙල්ලෝ, Sini bello Recipe Sinhala