Batu Moojuwa බටු මොජුවක් සාදාගන්නා ආකාරය Sinhala Recipes

batu moojuwa බටු මොජුවක් සාදාගන්නා ආකාරය

බටු බැදුම batu baduma (1 ක්‍රමය)

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • බටු ග්‍රෑම් 500 යි
  • ඟුරු කැබැල්ලක්
  • සුදු ළූණු
  • තක්කාලි ගෙඩි 1 යි
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • සෝයා සෝස් මේස හැඳි 1 1/2 යි
  • ලුණූ (අවශ්‍ය පරිදි)
  • සුප් කැට 1 යි
  • කරපින්චා ඉත්තක්
  • තෙල්

සාදන ක්‍රමය:-

බටු හොඳින් සෝදා කැබලි වලට කපාගෙන ලුණු සහ කහ අතගාගන්න.

තාච්චියකට තෙල් දමා බටු බැදගන්න. වෙනත් බඳුනක් ලිප තබා තෙම්පරාදුවට අවශ්‍ය දෑ දමා බැදගන්න. එයට බැදගත් බටු ද කපාගත් තක්කාලි ද සෝස් ඇතුළු සියළු දෑ ද එක් කරන්න. සුප් කැටය දියකර එයටම දමන්න. කළවම් කර ළිපෙන් ඉවත් කරගන්න.

Batu Moojuwa බටු මොජුවක් සාදාගන්නා ආකාරය