Bimmal Baduma බිම්මල් බැදුම සාදාගන්නා ආකාරය Sinhala Recipes

bimmal baduma බිම්මල් බැදුම සාදාගන්නා ආකාරය​

අවශ්‍ය ද්‍රව්‍ය​

  • බිම්මල් ග්‍රෑම් 200ක්
  • ලොකු ළූණු ගෙඩි 2ක්
  • තලාගත් සුදු ළූණු බික් 2ක්
  • කරපිංචා අවශ්‍ය පමණට​
  • මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 2ක්
  • කහ කුඩු තේ හැඳි 1/4ක්
  • කෑලි මිරිස් කුඩු තේ හැඳි 1ක්
  • අවශ්‍ය පදමට ලුණු
  • මාලු මිරිස් කරල් 3ක්
  • තෙල් මේස හැඳි 2ක්

සාදාගන්නා ආකාරය

​* බිම්මල් ජලය දමා සෝදා හීන් තීරු වලට ඉරාගන්න​.

* ඉන්පසු බිම්මල් ටික හොදින් තෙත මිරිකාගෙන කහ කුඩු, ලුණු, කෑලි මිරිස් එයට දමා මිශ්‍ර කරගන්න​.

* ළූණු , තක්කාලි , මාලු මිරිස් කරල් රවුමට පෙති කපාගන්න.

* භාජනයක් ගෙන එයට තෙල් දමා රත් වූ පසු තලාගත් සුදු ළූණු , කරපිංචා සහ ලොකු ළූණු ටික එයට දමාගන්න​.

* මිශ්‍ර කරගත් බිම්මල් ලිපෙහි තබාගත් භාජනයට දමා එයටම රවුමට පෙති කපාගත් මාලු මිරිස් ද දමා හොදින් මිශ්‍ර කර ටික වේලාවක් එය තැම්බීම සඳහා පියනකින් වසාගන්න​.

* ලිපෙන් බාගත් පසු තක්කාලි ටික දමා හොදින් මිශ්‍ර කර මඳ වේලාවක් පියනෙන් වසා තබා ආහාරයට ගන්න​.

Bimmal Baduma බිම්මල් බැදුම සාදාගන්නා ආකාරය