Biscuit pudding බිස්කට් පුඩිං Sinhala Recipes

biscuit pudding බිස්කට් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් (ලුණු නැති)600g
  • මිල්ක් මේඩ් 350g
  • මාරි බිස් කට් 250g
  • කොකෝ පවුඩර් 70g
  • කල්කිරි 500ml
  • නෙස් කැෆේ 2tsp

සාදන ක්‍රමය

බටර් හොඳින් දියවෙන්න තබන්න. එයට මිල්ක් මේඩ් ටිකින් ටික දමා කලවම් කරන්න. පසුව කොකෝ පවුඩර් එකතු කරන්න.නෙස් කැෆේ උණු වතුරෙන් දියකර නිවෙන්න තබන්න. භාජනයකට කල්කිරි දමා නෙස් කැෆේ එකතු කර දිය කරගන්න.මාරි බිස් කට් ගෙන කිරි මත පොඟවා ගෙන තැටියක අතුරා ගන්න. එය මත සාදාගත් ක්‍රීම් එක තවරා ගන්න එලෙස තට් ටු 6 ක් තවරා ගන්න. ශීතකරණයක පැය 2 ක් පමණ තබා අතුරුපසක් ලෙස ආහාරයට ගන්න.

Biscuit pudding බිස්කට් පුඩිං