Carrot Melluma කැරට් මැල්ලුමක් Sinhala Recipes

carrot melluma කැරට් මැල්ලුමක්

  • කැරට්
  • තෙල් ටිකක්
  • කපා ගත් සුදුලුනු ටිකක්
  • හිනියට කපා ගත් ලුනු ටිකක්
  • කරපිංචා ටිකක්
  • කහ ටිකක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • රස අනුව ලුණු
  • ගා ගත් පොල් ටිකක්

මුලින් කැරට් හිනියට දිග අතට කපා ගන්න.
දැන් භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු එයට සුදුරු ටිකක් හා අබ ඇට ටිකක් දමා ගන්න.
දැන් එයට කපා ගත් සුදුලුනු ටිකක් /හිනියට කපා ගත් ලුනු ටිකක් /කරපිංචා ටිකක් දමා බැදෙන්නට හරින්න.
පසු එයට කහ ටිකක් /ගම්මිරිස් කුඩු ටිකක් හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
මෙයටම ගා ගත් පොල් ටිකක් දමා ගෙන හොදින් කලවම් කරන්න.
දැන් හිනියට කපා ගත් කැරට් ටික දමා හොදින් බැදෙන්නට හරින්න.ගින්දර අඩු කර ගෙන බැදෙන්නට හරින්න.
පසු කැරට් ටික හොදින් මැලවුනාට පසු ලිප නිවන්න.

Carrot Melluma කැරට් මැල්ලුමක්