Chili Paste with Special Rice චිලි පේස්ට් එක්ක ස්පේෂල් රයිස් සාදාගන්නා ආකාරය Sinhala Recipes

chili paste with special rice චිලි පේස්ට් එක්ක ස්පේෂල් රයිස් සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • උයා ගත් බාස්මති රයිස්
  • පොඩියට කපා ගත්ත කැරට් ගෙඩියක්
  • හිනියට දිග අතට කපා ගත්ත බෙල් පේපර් ගෙඩි 1
  • පොඩියට කපා ගත්ත ලුනු ටිකක්
  • ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක්
  • පොඩියට කපා ගත්ත සෝසෙජස් ටිකක්
  • හිනි දිග අතට කපා ගත්ත පෝක් ටිකක් (කැමති නම් පමණක් )
  • ඉස්සෝ ටිකක්
  • සෝයා සෝස් ටිකක්
  • රස අනුව ලුණු
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • පොඩියට කපා ගත්ත මෂ්රුම් ටිකක්
  • පොඩියට කපා ගත්ත බේබි කෝන් ටිකක්
  • ස්විට් කෝන් ටිකක්
  • පොඩියට කපා ගත්ත ලුනු කොල ටිකක්

සාදාගන්නා ආකාරය

මුලින් බත් බෙරි නොකර උයා ගන්න.

පසු භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් දාන්න.පසු එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.පසු එකට පෝක් ටික දමා හොදින් බැදෙන්නට හරින්න.

පසු එකට ඉස්සෝ ටිකත් දාන්න.මේ දෙකම හොදට බැදෙන්නට හරින්න.පසු එකට කපා ගත්ත ලුනු ටික දමා රන්වන් පාට වනතුරු බැදෙන්නට හරින්න.

පසු කපා ගත්ත බෙල් පේපර් එක් කරන්න.එක ටික වේලාවක් බැදෙන්නට හරින්න.

පසු කැරට් ටික/ මෂ්රුම් ටික/ස්විට් කෝන්/බේබි කෝන් දමා හොදින් මිශ්‍ර කරන්න.සොසෙජස් ටිකත් එක් කර ගන්න.

දැන් මේකට ගම්මිරිස් කුඩු ටිකක්/මිරිස් කුඩු ටිකක්/සෝයා සෝස් ටිකක් හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.

දැන් මේකට උයා ගත් බත් එක දමා හොදින් මිශ්‍ර කරන්න.අන්තිමට ලුනු කොල ටිකත් දමා බත් එක හොදින් කලවම් කරන්න

බත් එක උයා ගන්න කොට කහ ටිකක් දමා උයා ගන්න

Chili Paste with Special Rice චිලි පේස්ට් එක්ක ස්පේෂල් රයිස් සාදාගන්නා ආකාරය