China Rice ගෙදරදීම චීන ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය Sinhala Recipes

china rice ගෙදරදීම චීන ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය

කඩෙන් ගෙන කෑමට වඩා ගෙදර හැමෝමත් එක්ක ගෙදරදීම චීන ක්‍රමයට සාදාගත් බතක රසය විදගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය

• සම්බා හාල් කිලෝ 1

• බිත්තර 4

• කටු නැති එළු මස් ග්‍රෑම් 500

• කරදමුංගු කරල් 5

• සලාද කොළ ග්‍රෑම් 100

• කැරට් අල ග්‍රෑම් 250

• වියලි මිදි ග්‍රෑම් 25

• බටර් හෝ මාජරින් හා ලුණු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

එළු මස් හොදින් තම්බා සිහින් කැබලි වලට කපා ගන්න.සලාද කොළ ද ලුණු මිශ්‍ර වතුරෙන් සෝදා කපා ගන්න.තම්බා පොතු හැර ගත් බිත්තරද ළංකර ගන්න.සිහින් කර කපා ගත් කැරට් අලත් කරදමුංගුත් බත් මුට්ටියටම දමන්න.බත ඉදුණු පසු තාච්චියකට බටර් හා ලුණු ටිකකුත් දමා එළු මස් කැබලි ද බද ගන්න.බත් මුට්ටිය ලිපෙන් බා එයට වියලි මිදි දමන්න.ඉන්පසු ලොකු තසිමකට බත් බෙදා ලියාගත් බිත්තර රවුම් හා කොළත් දමා බත් තාසිම හොදින් සරසන්න.

China Rice ගෙදරදීම චීන ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය