Chinese Sea Food Soup චයිනීස් සී ෆුඩ් සුප් Sinhala Recipes

chinese sea food soup චයිනීස් සී ෆුඩ් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැබලි කපාගත් මාළු,ඉස්සන්,දැල්ලන් 400g
  • කුඩා පොකිරිස්සන් 100g
  • තම්බාගත් කකුළුවන්ගේ මස් 100g
  • තම්බාගත් නූඩ්ල්ස් 50g
  • කළු සහ සුදු ෆන්ගස් 40g(හතු විශේෂයක්)
  • පෙති කපාගත් කළු හතු හා බට්න් හතු 40g
  • තම්බා කපාගත් කැරට් හා බ්‍රොකලි 80g
  • කපාගත් නිවිති කොල 40g
  • ලුණු අවශ්‍ය පමණට
  • ගම්මිරිස් අවශ්‍ය පමණට
  • රසකාරක අවශ්‍ය පමණට
  • සීනි අවශ්‍ය පමණට
  • වතුර 1500ml
  • කෝන්පිටි 50g
  • බිත්තර 02
  • කුඩාවට කපාගත් පාස්ලි 25g
  • ඔයිස්ටර් සෝස් 2tsp
  • චිකන් සීසනින් කැට 01

සාදන ක්‍රමය

වතුර ලිප තබා උතුරන විට කපාගත් මාළු, ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන් එකතු කරන්න.මෙය තැම්බීගෙන එනවිට රසකාරක වර්ග දමා පදම් කරන්න.දැන් ක්‍රමයෙන් අමු එළවළු,තම්බාගත් එළවළු හා හතු එකතු කරන්න.ඉන්පසු නූඩ්ල්ස් එකතු කරන්න.දැන් චිකන් සීසනින්ද එකතු කරන්න.දියකරගත් කෝන්පිටි ටිකක් එකතු කර මිශ්‍රකරන්න. දැන් තම්බාගත් කකුළු මාළුද එකතු කරන්න.එයටම බිත්තරද, ඔයිස්ටර් සෝස්ද එකතු කරමින් කූරු ගාමින් පිසින්න.දැන් රසබලා සුප් බදුන්වලට දමා කුඩාවට කපාගත් පාස්ලිදමන්න.

Chinese Sea Food Soup චයිනීස් සී ෆුඩ් සුප්