Chocolate Cake Sinhala Recipes චොකලට්‌ කේක්‌

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි 250g

  • පිටි 250g

  • කොකෝ පවුඩර් 2tsp

  • බිත්තර 05

  • බේකින් පවුඩර් 1tsp

  • ආප්ප සෝඩා 1tsp

  • කිරි 50ml

  • බටර් 250g

සාදන ක්‍රමය

බටර් සහ සීනි හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු වරකට එක බැගින් බිත්තර එකතු කරන්න. පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් එකට දමා තුන්වරක් හලාගන්න. හලාගත් පිටි ඉහත මිශ්‍රණයට එකතු කරන්න. කිරිවලට ආප්ප සෝඩා එකතු කර එම මිශ්‍රණයටම දමන්න. කිසිම අවස් ථාවක උණු කිරි එකතු කරන්න එපා. එය නිවෙන්නට තබා ගත යුතුයි.
තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක් දමා මිශ්‍රණය එයට දමන්න. සෙ.අ. 150 උෂ්ණත්වයේ රත් වූ උදුනක විනාඩි 40 ක් බේක් කරගන්න.

Chocolate Cake  චොකලට්‌ කේක්‌