Chocolate Chip Kukees චොකලට් චිප් කුකීස් Sinhala Recipes

chocolate chip kukees චොකලට් චිප් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිටි ග්‍රෑම් 200 ක්
  • සීනි ග්‍රෑම් 125 ක්
  • මාගරින් ග්‍රෑම් 150 ක්
  • බේකිං පවුඩර් පුරවපු තේ හැඳි 01 ක්
  • වැනිලා තේ හැඳි 01 ක්
  • කැබැලි සිටින්නට තළාගත් කජු ග්‍රෑම් 30 ක්
  • කුඩාවට කඩාගත් චොකලට් ග්‍රෑම් 130 ක්

සාදන ක්‍රමය:

පිටි, කජු සහ චොකලට් හැර ඉතිරි සියල්ල පිරිසුදු බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. අනතුරුව එයට චොකලට් චිප්ස් (කඩාගත් චොකලට්), කජු කැබලි, පිටි හා බේකිං පවුඩර් ද කලවම් කරන්න.

දැන් මාගරින් තවරා ගත් තෙල් කඩදාසියක් කේක් තැටියකට හෝ බන්දේසියකට එළන්න. ඉහත සඳහන් මිශ්‍රණයෙන් මේස හැන්දක් බැගින් එක සමාන ප්‍රමාණයක්, සමාන පරතරයක් ඇතිව දමාගන්න. අනතුරුව සෙල්සියස් අංශක 190 ට විදුලි උදුන රත්වන්නට තබා විනාඩි 10 ක් 12 ක් පමණ වේලාවක් බේක් කරගන්න.

Chocolate Chip Kukees  චොකලට් චිප් කුකීස්