Chocolate Chip Muffins චොකලට් චිප් මෆින්ස් Sinhala Recipes

chocolate chip mafins චොකලට් චිප් මෆින්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාගරින් ග්‍රෑම් 100 ක්
  • සීනි ග්‍රෑම් 225 ක්
  • කිරි මේස හැඳි 05 ක්
  • ලොකු බිත්තර 02 ක්
  • යෝගට් ග්‍රෑම් 150 ක්
  • පිටි ග්‍රෑම් 225 ක්
  • චොකලට් චිප් ග්‍රෑම් 175 ක්
  • ආප්ප සෝඩා තේ හැඳි 01 ක්

සාදන ක්‍රමය

පිරිසුදු බඳුනක් ගෙන එයට සීනි සහ මාගරින් දමා හොඳින් මෘදු වනතුරු ලී හැන්දකින් කලවම් කරන්න. එයට ගසාගත් බිත්තර එක් කරන්න. අනතුරුව යෝගට් ද දමා හොඳින් බීට් කරන්න. කිරි ටික ද එකතු කරන්න. පිටිවලට ආප්ප සෝඩා දමා හොඳින් හලාගෙන එයද එක් කරන්න. අවසානයට චොකලට් චිප් දමා කළවම් කරගන්න.

දැන් මෆින්ස් ට්‍රේ එකක් ගෙන එයට කඩදාසි කප් දමන්න. අනතුරුව හැන්දකින් ටික ටික ගෙන කප් එකෙන් 3/4 ක් පිරෙන්න සේ මේ මිශ්‍රණය දමාගන්න. ඉන්පසුව සෙල්සියස් අංශක 190

උෂ්ණත්වයෙන් විනාඩි 25 ක් පමණ බේක් කරගන්න.

Chocolate Chip Mafins චොකලට් චිප් මෆින්ස්