Chocolate Marshmallow Cake Sinhala Recipes චොකලට් මාෂ්මෙලෝ කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලුණු රහිත බටර් ග්‍රෑම් 100 ක්

  • බිත්තර 02 ක් - සීනි ග්‍රෑම් 230 ක්

  • වැනිලා තේ හැන්දක් -

  • ෆ්‍රෙෂ් මිල්ක් ග්‍රෑම් 150 ක්

  • කැබලි කඩාගත් චොකලට්

  • (කුකිං චොකලට්) ග්‍රෑම් 100 ක්

  • ආප්ප සෝඩා තේ හැඳි 01 ක්

  • පිටි ග්‍රෑම් 180 ක්

  • ලුණු (ඇඟිලි තුඩට ගත හැකි තරමේ ප්‍රමාණයක්)

  • ග්‍රේට් කරගත් මිල්ක් චොකලට් ග්‍රෑම් 50 ක් සැරසීම සඳහා (ෆරොස්ටිං එක)

  • හොඳින් බීට් කරගත් බිත්තර සුදුමද 02 ක්

  • සීනි මේස හැඳි 02 ක්

  • කිරි මේස හැඳි 01 ක්

  • සුදු පැහැති මාෂ්මෙලෝස් ග්‍රෑම් 175 ක්

සාදන ක්‍රමය:

ගැඹුරු භාජනයකට බටර්, සීනි සහ වැනිලා දමාගන්න. මෙහිදී බටර් ග්‍රෑම් 100 න් හැන්දක ප්‍රමාණයක් පසෙකින් තබා ඉතිරි බටර් ටික දමන්න. බටර්, සීනි, වැනිලා සියල්ල ක්‍රීම් එකක් වනතුරා හොඳින් බිට් කරන්න. අනතුරුව හොඳින් ගසාගත් බිත්තර දෙක ද මෙයට එකතු කරන්න.

කුකිං චොකලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්න. එය දියවීගෙන එනවිට ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික එකතු කරමින් හොඳින් ක්‍රීම් එකක් සේ මිශ්‍රවනතුරු කලවම් කරන්න. නිවෙන්නට පසෙකින් තබන්න.

පිටි, ලුණු සහ ආප්ප සෝඩා වෙනම බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. අනතුරුව චොකලට් මිශ්‍ර කළ බඳුනට මෙම පිටි මිශ්‍රණයෙන් හැන්ද බැගින් දමමින් හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව ෆැරන්හයිට් අංශක 325 ට රත්වූ විදුලි උදුනක විනාඩි 45 ත් 50 ත් අතර කාලයක් බේක් කරගන්න. කේක් එක නිවෙන්නට හරින්න. දැන් අපි කේක් එක සරසා ගනිමු. ඒ සඳහා කිරි සහ මාෂ්මෙලෝස් බඳුනකට දමා මඳ ගින්නේ මාෂ්මෙලෝස් දියවනතුරා උණු කරගන්න. එයද නිවෙන්නට පසෙකින් තබන්න.

බිත්තර සුදුමද හොඳින් ගසාගන්න. සීනි එකතුකර නැවතත් බීට් කරන්න. අනතුරුව උණු කරගත් මාෂ්මෙලෝස් මිශ්‍රණය මතට දමා විනාඩි 10 ක් තබන්න. ඉන්පසුව හොඳින් මිශ්‍රකර නිවාගත් මෙය කේක් එක මතට දමා ග්‍රේට් කරගත් මිල්ක් චොකලට්වලින් සරසා ගන්න.

Chocolate Marshmallow Cake චොකලට් මාෂ්මෙලෝ කේක්