Chocolate Walin Athurupasak Sinhala Recipes චොකලට්වලින් අතුරුපසක්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුඩා කැබැලිවලට කඩාගත්

  • චොකලට් ග්‍රෑම් 175 ක්

  • ජලය මිලි ලීටර් 150 ක්

  • බිත්තර කහමද 03 ක්

  • වැනිලා තේ හැඳි 01 ක්

  • ගැටෝ ක්‍රීම් මිලි ලීටර් 300 ක්

  • සීනි ග්‍රෑම් 150 ක්

  • සැරසීමට බිස්කට් වර්ගයක්(අතුරුපස සඳහා භාවිත කරන බිස්කට් වර්ගයක් මේ සඳහා තෝරාගන්න.)

සාදන ක්‍රමය:

වතුර සහ සීනි භාජනයකට දමා මඳගින්නේ දියවනතුරු හැඳිගාන්න. විනාඩි 03 ක් හැඳි නොගා උතුරුවා ගන්න. අනතුරුව ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.

දැන් නිවාගත් සීනි මිශ්‍රණය සහ චොකලට් චිප්ස් බ්ලෙන්ඩරයකට දමා චොකලට් කැබලි හොඳින් දියවන්නට බ්ලෙන්ඩර් කරන්න. මෙයටම බිත්තර කහමදත් දමා ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩර් කරන්න. පසුව වැනිලා ටිකක් ද දමා හොඳින් කලවම් කරන්න.

ඉන්පසුව වීදුරු බඳුන් හතරක් ගෙන එයට මේ මිශ්‍රණය වත්කරන්න. ලන්ච් ෂීට් එකකින් වසා ශීතකරණයේ තබන්න. පැය දෙකක් ගතවනවිට මෙය හොඳින් සෙට්වන අතර පසුව බිස්කට්වලින් සරසා පිළිගන්වන්න.

Chocolate Walin Athurupasak චොකලට්වලින් අතුරුපසක්