Dookla (Gujarati) ඩෝක්ලා, (ගුජරාටි)... සාදාගන්නා ආකාරය Sinhala Recipes

dookla (gujarati) ඩෝක්ලා, (ගුජරාටි)... සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • කඩල පිටි කෝප්පයක් -150g
  • මුදවපු කිරි කෝප්ප බාගයක්
  • දෙහි යුෂ මේස හැන්දක්
  • බේකින් සෝඩා තේහැදි බාගයක්
  • එලවළු තෙල් තේ හැන්දක් - සීසනින් වලට තෙල් මේස හැදි දෙකක් වෙනමම ගන්න .
  • අබ ඇට තේ හැන්දක්
  • හීනියට කැපු කොත්තමල්ලි කොල කෝප්පයක් පුරවල ගන්න
  • ලුනු අවශ්‍ය පමන

සාදන අයුරු :

ලොකු මික්සින් බෝල් එකකට කඩල පිටි හලල එකතුකරන්න.

මීලගට එම බෝල් එකටම වෙනමම බීට්කරගත් මුදවපු කිරි සහ අවශ්‍ය පමන ලුනු දමා මිශ්‍ර කරන්න .

පසුව වෙනමම කුඩා බෝල් එකකට දෙහි ඉස්ම ,බේකින් සෝඩා සහ තෙල් කලවම්කර එය පිටි මිශ්‍රණයට දමා හොදින් මිශ්‍ර කරන්න .

පිටි මිශ්‍රණය විනාඩි හතලිහක් හතලිස් පහක් පමන පැත්තකින් තියන්න .

විනාඩි හතලිහක් - හතළිස් පහක් ගිය පසු පිරිසිදු කරගත් බේකින් ටෙුි එකකට මේ ඩෝක්ලා මිශ්‍රණය වත්කර විනාඩි 10ක්,යනතුරැ ස්ටීම් කරගන්න . ස්ටීම් කර පිටතට ගෙන නිවෙන්නට තබා සීසනින් සාදාගන්න .

කුඩා ෆ්‍රයි පෑන් එකකට ඉතුරැ එලවළුතෙල් දමා මදරස්නෙන් රත්වෙන්නට හැර එයටම අබ ඇට එකතුකරන්න .

අබ ඇට එකින් එක පුපුරන්නට ගත් විට ලිපෙන් බා එම තෙල් මිශ්‍රණය ඩෝක්ලාව උඩින් වත්කරන්න .

මී ලගට හීනියට කැපු කොත්තමල්ලි කොල උඩින් ඉස, කෑලිකපා පිලිගන්වන්න .

ස්ටීමර් එකක් නැති අයට මේ රෙසිපියට අනුව හදල උෂ්ණත්වයට ඔරොත්තුදෙන බෝල් එකකට දාලා මයික්‍රොවේව් එකේ විනාඩි හයක් විතර තියල හදාගන්නත් පුළුවන් , මයික්‍රොවේව් එකේ දාලා සැරෙන් සැරේ ඇරල ,පැති මාරැ කරල .

, විනාඩි හයක් තියල ගන්න

කඩල පිටි වලින් හදල ස්ටීමර් එකකින් තම්බල ගන්න ඩෝක්ලා ,රසයි වගේම ගුනයි. ආහාර පාලනය කරන අයට වගේම නිර්මාන්ෂික අයටත් හොදට ගැලපෙන අතුරැ ආහාරයක් , (ස්නැක් එකක්).

Dookla (Gujarati) ඩෝක්ලා, (ගුජරාටි)... සාදාගන්නා ආකාරය