Fruit Trifle පෘටි ට්‍රයිෆල් Sinhala Recipes

fruit trifle පෘට් ට්‍රයිපල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් කේක් 250g
  • සීනි 150g
  • පලතුරු කැබලි 200g
  • ජෑම් 50g
  • කස් ටර්ඩ් 50g
  • කිරි 500ml
  • ජෙලි පැකට් 01
  • උණු කරගත් වතුර 250ml

සදන ක්‍රමය

බටර් කේක් මතට ජෑම් ගා කොටු ආකාරයට කැබලි කපාගන්න
වීදුරු බඳුනකට අතුරා එය මතට පලතුරු කැබලි එකතු කරගන්න.
භාජනයක් ලිප තබා කිරි සහ සීනි දමා හැඳි ගා උතුරවා එයට කස් ටඩ් පවුඩර් එකතු කර ලිපෙන් බාගන්න සාදාගත් මිශ්‍රණය කේක් මතට අතුරා ගන්න.හොඳින් නිවෙන තුරු ශීතකරණයක තබා ගන්න.උණු කරගත් ජලයට ජෙලි එකතු කර හොඳින් දියකරගන්න. නිවෙන්න තබන්න. නිවුණු පසු සාදාගත් පෘටි ට්‍රයිෆල් එක මතට ජෙලි එකතු කර පැය 2 ක් පමණ ශීතකරණයක තබා පිළිගන්වන්න.

Fruit Trifle පෘටි ට්‍රයිෆල්