අවශ්‍ය ද්‍රව්‍ය :
- හාතාවාරිය කොළ –500g
- හාල් ( කැකුළු ) – 50g
- පොල් (ගාගත්) – 50g
- සුදු ලූනු බික් 2
- අමු අඟුරු කැබැල්ලක්
- ලුණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
හාල් ගරා සෝදා වැඩි වතුර දමා හොඳින් බෙරි වෙන්නට තම්බන්න.
ශුද්ධ කර සෝදා ගත් හාතාවාරිය කොළ වලට වතුර අඬු කෝප්පයක් දමා කොටා මිරිකා පෙරාගන්න.
රොඩු ටිකට පොල් දමා කොටා දෙවරක් මිරිකාගන්න.
හාල් තැම්බෙන විට සුදු ලූනු, අමු ඉඟුරු දමා බත් හැන්දෙන් පොඩි කරන්න.
දැන් කොටා මිරිකාගත් පොල්කිරි දමා උතුරන්න හරින්න.
ඊළඟට ලුණු හා කොළ ඉස්ම දමා උතුරුවා බාගෙන විනාඩි 3ක් පමණ හැඳිගා පානය කරන්න.
