Ithali Kramayata Kaju Curry ඉතාලි ක්‍රමයට කජු කරියක් සාදාගන්නා ආකාරය

ithali kramayata kaju curry ඉතාලි ක්‍රමයට කජු කරියක් සාදාගන්නා ආකාරය

කජු ව්‍යාංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය:-

● තම්බා පිරිසිදු කළ කජු මද ග්‍රෑම් 250 යි

● පොල් තෙල්

● අර්තාපල් අල ගෙඩි 1 යි

● තම්බා ගත් ග්‍රීන් පීස් ග්‍රෑම් 100

● තුනපහ කුඩු තේ හැඳි 1 යි

● ලියාගත් රතු ළූණු තේ හැඳි 1 යි

● අඹරාගත් වියළි මිරිස් තේ හැඳි 1 යි

● උකු පොල් කිරි කෝප්පයක්

● ලුණු වතුර

● දෙහි ඇඹුල්

සාදන ක්‍රමය:-

කජු මදවලට ලුණු අතගා ගන්න. සාස්පානකට තෙල් දමා එය ළිප තබා රත් වූ පසු එයට රතු ළූණු සහ පොඩියට කපා ගත් අල දමා තරමක් බැද ගන්න. එයටම තම්බා ගත් කජු එකතු කරන්න.

ඉන්පසු එයට තුනපහ කුඩු මිරිස් කුඩු සහ ලුණු එක්කර පැය භාගයක් පමණ මද ගින්නේ තබන්න.

දැන් එයට හොදින් තම්බා ගත් ග්‍රීන් පීස් හා පොල් කිරි වත්කොට හැදි ගා තවත් පැය භාගයක් පමණ මද ගින්නේ හිදෙන තුරු (අල තැම්බී ඇද්දැයි බලන්න) තබා ලිපෙන් බා ගන්න.

Ithali Kramayata Kaju Curry ඉතාලි ක්‍රමයට කජු කරියක් සාදාගන්නා ආකාරය