Jinjar Kukees ජින්ජර් කුකීස් Sinhala Recipes

jinjar kukees ජින්ජර් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දුඹුරු පාට සීනි 700g
  • බටර් 230g
  • බිත්තර 3
  • පිටි 550g
  • ජින්ජර් පවුඩර් 14g
  • සිනමන් පවුඩර් 30g
  • බේකිං සෝඩා තේ හැදි ½
  • බේකිං පවුඩර් තේ හැදි ½
  • ලයිම් ජුස් ස්වල්පයක්

සාදන ආකාරය

පිටි , සිනමන් පවුඩර්, ජින්ජර් පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර් හොදින් මිශ්‍ර කර ගන්න. එය පසෙකින් තබන්න. සීනි හා බටර් හොදින් බීට් කර ගන්න. බිත්තරය බැගින් එකතු කර ගන්න. දැන් පිටි මිශ්‍රණය ටිකටික දමමින් කලවම් කර ගන්න.දැන් ලයිම් ජුස් ටික එකතු කර මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය පයිපිං බෑග් එකකට දමා කුඩා රවුම් ලෙස ට්‍රේ එකකට පයිප් කරගෙන 150˚උෂ්ණත්වය සහිත උදුනක විනාඩි10-15 ක් පමණ පුලුස්සා ගන්න.

Jinjar Kukees ජින්ජර් කුකීස්