Karawila Melluma කරවිල මැල්ලුම් Sinhala Recipes

karawila melluma කරවිල මැල්ලුම්

  • කරවිල මැල්ලුම්
  • කරවිල ග්රෑම් 500
  • සුදුළුනු බික් 8 ක්
  • රතුළුණු ගෙඩි 10 ක්
  • අමුමිරිස් කරල් 5ක්
  • ඉගුරු කැබැල්ලක්
  • සියබලා 4ක්පමණ
  • කහ ස්වල්පයක්
  • මිරිස් කුඩු මේස හැන්දක් පමණ
  • පොල් බෑයක පොල් (සිහින්ව ගා ගත් )
  • රස පදමට ලුණු
  • කරපිංචා ඉති කීපයක්
  • පොල්තෙල් ස්වල්පයක්

පළමුව කරවිල සෝදා ඇට ඉවත් කර හොදින් තම්බා ගන්න.
සුදුළුනු,රතුළුණු,අමු මිරිස් සහ ඉගුරු ශුද්ධ කර හොදින් තලා ගන්න
සියබලා ටික ඇට ඉවත් කර උකුවට ද්රාඅවණයක් ලෙස සදා ගන්න
දැන් භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් එයට දමා හොදින් රත් කර ගන්න
පසුව සුදුළුනු රතුළුණු ඉගුරු අමුමිරිස් (මුලින් තලාගත්) තෙලට දමා රන්වන් වනතුරු මද ගින්නේ තෙම්පරාදු කරගන්න.
පසුව පොල් ටිකත් එයට දම මිරිස් කුඩු හා කහ කුඩු මිශ්රි කරගන්න.දැන් සියබලා ටිකත් දමා කලවම් කරන්න,

ඊ ලගට කරවිල ටික දමා හොදින් පොඩි කරගන්න.

ලිපෙන් බා ගෙන කරපිංචා ටික එකතු කර ලුණු කලවම් කරන්න .
රසවත් තිත්ත රස නැති කරවිල මැල්ලුමක රස බලන්න.

Karawila Melluma කරවිල මැල්ලුම්