Kiri toffe Recipe Sinhala කිරි ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

●කිරි ටින් 1
●සීනි කිරි ටින් එකෙන් 1
●වතුර ටින් 1/4
●තලාගත් එනසාල්
●වැනිල ටිකක්
●රටකජු හෝ කජු මද ටිකක්
●බටර් මේස හැඳි 1

සාදන ආකාරය
■තැටියකට බටර් ටිකක් ගාල ළඟින් තියා ගන්න.
■පෑන් එකකට ටින් කිරි ටික දමා ගන්න.
■ටින් එකට වතුර ටික දමා කලවම් කර කිරි එකටම දමා ගන්න.
■ලිපේ තියන්න කලින් ලී හැන්දක් භාවිතා කරල හොඳින් කලවම් කරගන්න.
■දැන් ලිප පත්තු කරල මද ගින්නෙ නොනවත්වා හැඳි ගාගන්න.
■වැනිල එකතු කරගන්න.
■වි.10ක් 15 ක් ගියාට පස්සෙ මිශ්රණය ටිකෙන් ටික ඝණ වෙන්න පටන් ගන්නව.
■හැඳි ගාන එක නයර කරන්න එපා.අඩිය අල්ලන්න පුලුවන්.
■එයට තලාගත් එනසාල් ටික දමා ගන්න.
■ටික වෙලාවක් එක දිගටම හැඳි ගාමින් ඉන්නකොට මිශ්රණය තව ටිකක් ඝණ වෙන්න ගන්නව.
■දැන් පොඩියට කපාගත් කජු ද එක් කර කලවම් කරගන්න.
■බටර් ටිකද එක් කරගන්න.
■මිශ්රණය පෑන් එකෙන් වෙන් වෙලා එකට එකතු වෙන්න ගන්නව.
■ඒ වෙලාවට ලිප ඕෆ් කරල බටර් ගාගත්ත තැටියට දාගන්න.
■ස්පැචුලා එකකින් හරි කෙසෙල් කොළ කෑල්ලකින් හරි ලස්සනට තුනී කරගන්න.
■කෑලි මාර්ක් කරල ටිකක් නිවුණට පස්සෙ කෑලි කපල වෙන් කරගන්න.

Kiri toffe කිරි ටොෆි