kohila dhalu wyanjanaya කොහිල දළු ව්‍යංජනය
කොහිල දළු හොදින් සෝදා..අතින් කඩන්න දළු කොටසේ ඉදල බද කොටස දක්වා..එහෙම කඩද්දි බද කොටස මෝරලා වගේ හැගෙනම් අතින් කඩන්න බැරිනම් ඒ කොටස් ගන්න එපා..
මම හැදුවේ පරිප්පු දාලා..ඔයාලට පුළුවන් උම්බලකඩ දාලා කිරි දාලා රසට හදන්නත්..ආයේ දවසක තව විදි අරගෙන එන්නම්..
අතින් කඩාගත් කොහිල දළු ටිකට පරිප්පු ටිකක් සෝදා එකතු කරන්න..
එයට කපාගත් ළුණු, සුදු ළුණු, රම්පෙ කරපිංචා, අමු මිරිස් කරලක්, කුරුදු පොතු එකක්, ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ එකතු කරලා මිටි කිරි වලින්ම ලිපේ තියන්න..මද ගින්දරේ හොදින් හින්දෙන්න හරින්න..
