Konda Kavum Recipe කොන්ඩ කැවුම්

උණු උණුවෙ කොන්ඩ කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල් පිටි කෝප්ප 2 යි.
  • පාන් පිටි කෝප්ප1 යි.
  • කිතුල් පැනි කෝප්පයි1 1/2.
  • බැද ගැනීමට තෙල්.
  • ලුනු ස්වල්පයක්.

සාදන ආකාරය

හාල් පිටි හා පාන් පිටි මිශ්‍රකර ගන්න. එයට කිතුල් පැනි හෝ නොමැතිනම් සීනි පැනි එකතු කර හොදින් මිශ්‍ර කරන්න. මෙය පැය 5ක් පමණ පිපෙන්නට තබන්න.

ඉන්පසු තාචිචියක් ලිප තබා තෙල් දමා හොදින් තෙල් රත්වන විට මැදට පිටි මිශ්‍රණය වත්කර තෙල් හැන්දෙන් හොදින් තෙල් ඉසින්න. ඉරටුවක් හෝ කුඩා කූරක් යොදාගෙන කැවුම මැදින් කොණ්ඩය එන ලෙස අතින් කරකවන්න.

Konda Kavum කොන්ඩ කැවුම්