Kos Malluma කොස් මැල්ලුමක් සාදාගන්නා ආකාරය Sinhala Recipes

kos malluma කොස් මැල්ලුමක් සාදාගන්නා ආකාරය

අවශ්‍ය දේ –

  • හොඳින් පැසුණු කොස් මදුළු – 25
  • කොස් ඇට – 25
  • පොල් ගෙඩි 1/4
  • කහ තේ හැඳි 1/2
  • කුරුඳු අඟල් 2
  • අබ තේ හැඳි 1
  • අමුමිරිස් හෝ කොච්චි කරල් 3
  • සුදු ළූණු බික් 5
  • රතු ළූණු ගෙඩි 4
  • අමු ඉඟුරු කැබලි අඟල් 1/2
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

කොස් මදුළු සෝදා ඇට ඉවත් කර මදුළු සිහින්වට කපා ගන්න.කොස් ඇට ද තලා පොතු හැර සෝදා ගන්න.භාජනයකට වතුර කෝප්ප 1 1/2 ක් පමණ සහ ලුණු ස්වල්පයක් පමණ දමා තැම්බෙන්නට හරින්න.කහ,අමු මිරිස්,සුදු ළූණු,අබ,කුරුඳු,රතු ළූණු ගම්මිරිස් අමු ඉඟුරු ලුණු ස්වල්පයක් ද දමා එකට අඹරා හෝ තලා ගන්න.ඊට පොල් ද එකතු කර වංගෙඩියේ දමා කොටා ගන්න.වතුර සිඳෙන තෙක් තැම්බුණු කොස් ව්‍යංජනයට පොල් මැල්ලුම දමා හොඳින් කළවම් කරන්න.ස්වල්ප වේලාවක් තබා තැම්බෙන්නට හැර ලිපෙන් බා ගන්න.

Kos Malluma කොස් මැල්ලුමක් සාදාගන්නා ආකාරය