koththamalli kola chatni කොත්තමල්ලි කොල චට්නි සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍යඃ
- පුන්චියට කපපු කොත්තමල්ලි කොල කෝප්පයක් පුරවල ගන්න
- ලොකු ළුෑනු ගෙඩියක් පොඩියට කපල ගන්න
- සුදුළුෑනු බික් දෙක තුනක් පොතු ඇරල තලල ගන්න
- දෙහි ඉස්ම කෝප්ප බාගයක්
- චාට් මසාලා තේ හැන්දක්
- අමුමිරිස් කරල් දෙකක් විතර
- ලුනු අවශ්‍ය පමන
සාදන අයුරු :
කොත්තමල්ලි කොල ,ළුෑනු ,සුදුළුෑනු ,අමුමිරිස් ,චාට් මසාල යන සියල්ල ග්‍රයින්ඩර් එකකට හෝ ෆුඩ් ප්‍රොසෙසරයකට දමා හීනියට කුඩු කර ගන්න .
පසුව මේ මිශ්‍රණයට දෙහි ඉස්ම එකතුකර අවශ්‍ය පමන ලුනු කලවම්කරන්න .
සැරට කැමති අය, වේලපු මිරිස් කරල් දෙක තුනක් හෝදලා අරන් යාන්තමට කොන් කඩල විනාඩියක් විතර මේ චට්නියෙ පොගවල තියල ගත්තහම රසයි .
මේ චට්නිය පකෝරා,පුඩ්ලා ,ඩෝක්ලා ,ඩම්ප්ලින්ග්ස් වගේ ඕනම ආහාරයක් එක්ක පිලිගන්වන්න පුළුවන් .
