Mari Biscuit Chocolate Roll මාරි බිස්කට් චොකලට් රෝල් Sinhala Recipes

mari biscuit chocolate roll මාරි බිස්කට් චොකලට් රෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාරි බිස්කට් 15
  • අයිසින් සීනි කප් ½ ක් සහ මේස හැන්දක් වෙනම
  • චොකලට් පවුඩර් මේස හැඳි ½
  • කිරි
  • ඩෙසිකේටඩ් පොල් කුඩු කර කප් ¼ (වියළි පොල්)
  • දිය කරගත් බටර් මේස හැඳි 1 ½
  • වැනිලා ස්වල්පයක්

සාදන අයුරු

මාරි බිස්කට් ටික කුඩු කරගන්න

එයට චොකලට් පව්ඩර් සහ අයිසින් සීනි මේස හැන්දක් දමා මිශ්‍ර කරගන්න

කිරි ටික ටික එක් කරමින් රොටී පදමට එනතුරු අනාගන්න

කුඩු කරගත් ඩෙසිකේටඩ් පොල් ටික ගෙන එයට ඉතිරි සීනි වැනිලා සහ බටර් එක්කර මිශ්‍ර කරගන්න

බිස්කට් මිශ්‍රණය ගෙන ලන්ච් ශීට් එකක් උඩ රොටියක් ආකාරයට තුනී කරගෙන එයට උඩින් පොල් මිශ්‍රණය අතුරා ගන්න

ලන්ච් ශීට් එකේ කෙලවරකින් අල්ලා ප්‍ර වේශමෙන් මෙය රෝල් කරන්න

ෆොයිල් එකකින් ඔතා පැය 4ක් ශීතකරණයේ තබා එලියට ගෙන ෆොයිල් එක ඉවත් කර පෙති කපාගන්න

Mari Biscuit Chocolate Roll  මාරි බිස්කට් චොකලට් රෝල් Sinhala Recipes