MunAta Melluma මුංඇට මැල්ලුම Sinhala Recipes

munata melluma මුංඇට මැල්ලුම

  • රැයක් පොගවා තම්බාගත් මුංඇට
  • ගාගත්පොල්
  • උම්ඹලකඩ ටිකක්
  • තලාගත් සුදු ළුණු ගෙඩියක්
  • කපාගත්රතුළුණු ගෙඩික් 4-5
  • කුඩාවට කපාගත්අමුමිරිස් කරල් 2ක්
  • කුරුදු කැබල්ලක්
  • ටික වෙලාවක් වතුරේ පොගවා කුඩාවට කපාගත් ගොරක කැබල්ලක්
  • තලාගත් ඉගුරු ස්වල්පයක්
  • අබ ක්රීඉම් තේ හැදී පමණ 3/4 ක්
  • මිරිස්කුඩු තේහැදී 1/4 පමණ ක්
  • කහ කුඩු ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  • රම්පේ
  • කරපිංචා

සාදාගන්න ආකාරය
ලුණු ස්වල්පයක්යොදා මුංඇට ටිකතම්බා ගන්න. බේරීවනතුරු තම්බන්න එපා. තම්බාගත් මුංඇට වල වතුර පෙරගන්න.
ගාගත්පොල්ටිකට උඹලකඩ ,සුදු ළුණු ,රතුළුණු ,අමුමිරිස්, කුරුදු කැබල්ලක්,ගොරක කැබල්ලක්
ඉගුරු ,අබ ක්රීටම් ,මිරිස්කුඩු ,කහ කුඩු ,ලුණු, ගම්මිරිස්කුඩු ,රම්පේ,කරපිංචා දමා හොදින්කලවම්කරගන්න.
බදුනක් ලිප තබා එයට පොල්මිශ්රරණය එකතුකර ගන්න.එයට වතුර මේසහැන්දක් පමණ එකතුකර කලවම් කරමින් විනාඩි 2-3ක් පොල්ටිකමද ගින්දරේ මලවාගන්න.
දැන්එයට වතුර පෙරාගත් මුංඇට ටික එකතුකර කුරකින් කලවම්කරගන්න. හැන්දකින් කලවම්කරන විට මුංඇට පොඩි වියහැකි නිසා කුරක් යොදාගන්න.
විනාඩි 3-4ක් මදගින්දරේ තබා ලිපෙන්ඉවත් කරගන්න.
මැටි හට්ටියක් සකස් කිරීමෙන්වඩාත් රසවත් වේ.

MunAta Melluma මුංඇට මැල්ලුම