Nutela Cup Cake නුටෙලා කප් කේක් Sinhala Recipes

nutela cup cake නුටෙලා කප් කේක්

පිටි 180g
බටර් 60g
සීනි 150g
එලවළු තෙල් 100ml (සන්ෆ්ලවර් ඔයිල් තමයි මම නම් ගත්තේ )
බිත්තර 2
බේකින් පවුඩර් තේ හැදි 2
නැවුම් කිරි මේස හැදි 4-5 ක්
යෝගට් මේස හැදි 3ක් පමණ
ලුනු තේ හැදි 1/4
වැනිලා තේ හැදි 2
නුටෙලා අවශ්‍ය තරම්

පොඩි බෝල් එකකට තෙල්, බිත්තර ,යෝගට් හා වැනිලා දමා හොදින් බීට් කර තබා ගන්න. පිටිවලට බේකින් පවුඩර් දමා පෙනේරයකින් හලා ගන්න . දැන් මෙසේ හලා ගත් පිටි ටික තවත් බෝල් එකකට දමා , එයටම සීනි හා ලුනුද දමා හොදින් මිශ්‍ර කර ගන්න. හොදින් මිශ්‍ර වූ පසුව එයට බටර් ටිකත් දමා , බටර් පිටිවල හොදින් මිශ්‍ර කරන්න . දැන් මුලින් සකස් කර ගත් බිත්තර යෝගට් මිශ්‍රණය මේ පිට බටර් සහිත බෝල් එකට දමා සෙමෙන් බීට් කරන්න . ඒ අතර කිරිද ටික ටික දමන්න. හොදින් මිශ්‍ර වන සේ බීට් කරන්න . දැන් කලින් සකස් කර ගත් කප් කේක් මෝල්ඩ්වලට සමානව කේක් බැටර් එක බෙදා දමන්න . නුටෙලා තැවරුමෙන් ටිකක් හැන්දකින් ගෙන කප් කේක් මැදට දමා, කුඩා බටර් පිහියකින් සෙමෙන් සෙමෙන් කරකවන්න . (නුටෙලා වැඩිපුර දා ගත්තාම රස වැඩියි ) මෙලෙසින් සකස් කර ගත් කප් කේක් , සෙන්ටිග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 25 - 30 ක් පමණ බේක් කර ගන්න . මම මේ ප්‍රමාණවලින් කප් කේක් 12ක් හදා ගත්තා . ඉතා රසවත් කප් කේක් වර්ගයක් ..ඔයාලාත් හදලා බලලා කියන්න්කො ..

Nutela Cup Cake නුටෙලා කප් කේක් Sinhala Recipes