Paan Cake පෑන් කේක් Sinhala Recipes

paan cake පෑන් කේක්

පැණිපොල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • කිතුල් පැණි මිලී 50
  • සීනි ටිකක
  • ලුණු අවශ්‍ය පමණ
  • පොල් අවශ්‍ය පමණ
  • කුඩුකරගත් රටකජු
  • වැනිලා ස්වල්පයක්

පැණිපොල් සාදන ආකාරය

පැණි, සීනි, ලුණු මිශ්‍රකර ලිපතබා රත්වනවිට පොල් එකතු කර හොදින් කලවම් කරන්න. පැණිපොල් පදම එනවිටදී වැනිලා දමා කලවම් කර කුඩුකරගත් රටකජු එක්කරන්න.

පෑන් කේක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • උළුදු පිටි ග්‍රෑ125
  • හාල්පිටි ග්‍රෑ30
  • ලුණු ස්වල්පයක්
  • බිත්තරයක්
  • කහ කුඩු අවශ්‍ය පමණට
  • ක් පමණ1 සීනි තේ හැදි
  • නිවාගත් වතුර හෝ පොල්කිරි ස්වල්පයක්
  • 1උණුකර නිවාගත් බටර් තේහැදි
  • ඉහත ආකාරයට සකස්කරගත් පොල්පැණි

පෑන් කේක් සාදන ආකාරය

උදුපිටි හා හාල්පිටි කලවම්කර පසෙකින් තබන්න. බිත්තර සහ ලුණු ස්වල්පයක් බදුනකට දමා හොදට ගසාගන්න. නැවත ඊට සීනි හා උණුකර නිවාගත් බටර් දමා හොදින් ගසාගන්න. මෙම මිශ්‍රණයට උදු පිටි හා හාල්පිටි මිශ්‍රණය ටික ටික එකතු කරන්න. පසුව එය හොදින් ගසාගෙන මිනිත්තු 15ක් වසා තබන්න. දැන් පිටි මිශ්‍රණය ගෙන තැටියක යන්තමින් බටර් හෝ තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රොටියක් ආකාරයට තුනීකර පුළුස්සා ගන්න. පසුව බදුනෙන් ඉවත්කර රස්නය තිබියදීම පැණි පොල් මිශ්‍රණය තබා රෝල්කර කෑමට ගන්න.

Paan Cake පෑන් කේක්