Pann Toost පාන් ටෝස්ට් Sinhala Recipes

pann toost පාන් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4
සීනි 50g
බටර් 100g
කිරි කෝප්ප1 ½
වැනිලා තේ හැදි ½
පාන් පෙති 8 -10 ක් පමණ (අඟලක පමණ ඝනකමට)

සාදන ආකාරය

සීනි හා බටර් භාජනයකට දමා හොදින් ගසා ගන්න. දැන් එයට බිත්තර එක බැගින් එකතු කරමින් යලිත් හොදින් ගසන්න. මීලඟට වැනිලා හා කිරිද එකතු කන්න. සෝස් පෑන් එකක් ලිප තබා බටර් මේස හැන්දක් පමණ දමන්න. මද ගින්දරේ රත් කරන්න.දැන් කලින් සාදා ගත් මිශ්‍රණයට පාන් පෙත්ත බැගින් දෙපැත්ත දමා පොඟවා ගනිමින් රත් වු පෑන් එකට දමා දෙපැත්ත හරවමින් රන්වන් පාට වන්නට බැදගන්න. අවශ්‍ය තරමේ කෑලි වලට කපා ගන්න.

Pann Toost පාන් ටෝස්ට්