Pol Cake Sinhala Recipes පොල් කේක්‌

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් 200g
  • පැණි 125ml
  • රට ඉඳි 250g
  • කුරුඳු කුඩු 1tsp
  • කරදමුංග කරල් 05
    (පොල් සිහින්ව ගා ගත යුතු යි. පැණි උණුකර එයට පොල්, කුඩාවට කපාගත් රට ඉඳි, කුරුඳු කුඩු, කරඳමුංගු දමා මලවා ගන්න.)
  • පිටි 75g
  • රුලං 75g
  • බේකිං පවුඩර් 1tsp
    (පිටි හා බේකිං පවුඩර් එකට දමා තුන්වරක් හලාගන්න. රුලං කබලේ බැදගන්න. මලවා ගත් පොල් මිශ්‍රණයට පිටි හා රුලං දමා මිශ්‍රකරන්න.)
  • මාගරින් 100g
  • සීනි 100g
  • බිත්තර 03
  • වැනිලා 2tsp
  • කජු 100g

සාදන ක්‍රමය

මාගරින් හා සීනි එකට පිටි කර දමා ක්‍රීම් කරගන්න. එයට බිත්තර එක බැගින් එකතු කරන්න. වැනිලා හා කජු දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙයට පෙර මිශ්‍රණ දමා කලවම් කරගන්න. තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක් දමා සෙ.අ. 125 උෂ්ණත්වයේ විනාඩි 45 ක් බේක් කරගන්න.

Pol Cake පොල් කේක්‌