Polos Ambula පොලොස් ඇබුලක් ගමේ විදිහට සාදාගන්නා ආකාරය Sinhala Recipes

polos ambula පොලොස් ඇබුලක් ගමේ විදිහට සාදාගන්නා ආකාරය
අවශ්‍ය දෑ

  • තරමක පොලොස් ගෙඩියක්
  • පොල් ගෙඩියක පොල් කිරි
  • රම්පේ, කරපිංචා
  • කුරැදුපොතු කැල්ලක්
  • තලාගත් කර්දමුගු/කරාබු නැටි ටිකක්
  • තුනපහ කුඩු මෙස හැන්දක්
  • මිරිස් කුඩු මෙස හැදි බාගයක්
  • කහාකුඩු තේ හැන්දක්
  • රස අනුව ලුනු
  • ඇබුල් (බිලිං,සියබලා.හො ගොරකා
  • අමු මිරිස් කරල් 3/4ක්
  • බැදපු තුනපහා (කලුකුඩු)

සාදාගන්නා ආකාරය
පොලොස් පොඩියට කපාගන්න

පොල් ගෙඩියක පොල් කිරි මිරිකගන්න

කිරි එක මැටි හට්ටියකට දාන්න

කිරි දාපු හට්ටරියට මේ දේවල් දාන්න කරපින්ච,රම්පෙ.ලූනු ටිකක් දමන්න

කුරුදු පොතු.කරද මුන්ගු,කරබු නැටි තලල දාන්න

තුනපහ කුඩු ටිකක්,මිරිස් කුඩු,කහ කුඩු ටිකක්,රස අනුව ලුනු දමන්න

උම්බලකඩ ටිකක්ද දමන්න

බිලින් හෝ සියබලා හෝ ගොරක දමන්න(බිලින් තමා හොද)

පොඩි කොච්චි හෝ අමු මිරිස් කරල් දමන්න

පසුව මේ සියල්ලම හොදට කලවම් කර කපා ගත් පොලොස් කැබලි එකතු කර කලවම් කර වැඩි ගින්දරේ තබා විනාඩි 15ක් පමන හොදින් නටවා ගින්දර නිමා අගුරු ගොඩේ හොදින් සොලව සොලව පැය 4ක් 5ක් පමන අගුරු ගොඩේ ඉදව ගන්න,ඉස්ම හිදෙනකොට බැදපු කලු කුඩු ටිකක් දමා හොදින් සොලවා ටික වේලවකින් ලිපෙන් බාන්න.

මේ විදියට තමා අපි ගමේ හදන්නෙ.මේ විදියටම හැදල රස නැති උනොත් කියන්න..මේකට කෘතිම රසකාරක නහැ හිතාගන්න බැරි තරම් රසයි.මේ විදියටම හදන්න ඕන හැබැයි.ගින්දර ගොඩක් දාල ඉක්මනට ඉදවගත්තට රස නැහැ.පැය 4ක් 5ක් අගුරු ගොඩේ ඉදෙන්නම ඕනා.

Polos Ambula පොලොස් ඇබුලක් ගමේ විදිහට සාදාගන්නා ආකාරය