Puhul Dhoosi පුහුල් දෝසි Sinhala Awurudu Rasa Kawily
puhul dhoosi පුහුල් දෝසි
ප්‍රථම ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
- කිලෝ ග්‍රෑම් 2 1/2 පමණ බර ඇති පුහුල් ගෙඩියක්
- සිනි කිලෝ ග්‍රෑම් 2
- කරදමුංගු කුඩු තේ හැඳි 1
සාදන ක්‍රමය
- පුළුන් නොවුණ පුහුල් ගෙඩියක් ගෙන මද සහ ඇට හැර ග්රෙටරයකින් හෝ ගාරුප්පුවකින් ගාගන්න.
- අනතුරුව ලේන්සුවක සදා මිරිකා පුහුල්වල තිබෙන වතුර හැර බේසමකට දමන්න.
- වතුර නටවා පුහුල්වලින් උඩට සිටින සේ නටන වතුර වත්කර භාජනයකින් වසන්න.
- ටික වේලාවකට පසු ලේන්සුවේ දමා වතුර මිරිකා තවත් වතුර ඇත්නම් බේරීමට එල්ලා තබන්න.
- ඉන්පසු පුහුල් හා සීනි තාච්චියට දමා ලිප තබා හැඳි ගාන්න. පදමට එනවිට කරදමුංගු ආදී සුවඳ ද්‍රව්‍යයන් ද දමන්න.
- තාච්චිය වටේ සීනි වියළී එන පදමේදී ලිපෙන් ඉවත්කර බන්දේසි ලෑල්ලක තුනී කොටගෙන කැබලි කපා ගන්න.
දෙවන ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේටරයකින් ගා මිරිකා ගත් පුහුල් කිලෝ ග්‍රෑම් 2 1/2
- සීනි කිලෝ ග්‍රෑම් 2
- කරදමුංගු තේ හැඳි 1
- කජු ග්‍රෑම් 100
සාදන ක්‍රමය
- සීනි සහ පුහුල් පිල තබා හොඳින් හැඳිගාගන්න.
- සුවඳ ද්‍රව්‍යයන් ද දමන්න. මෙසේ හැඳිගා පිසුණු පසු ලිපෙන් ඉවත්කර ගෙන බන්දෙසියකට දමා තුනී කරගන්න.
- කජු මඩ සිහින් ලෙස කපා තමන්ට අවශ්‍ය කරන පාටත් සීනි පැණියට දමා පත් පැණි කරගන්න.
- තුනී කරගත් පුහුල් මතුයෙහි පත් පැණි කරගත් කජු දමා රෝල් කරන්න. පුහුල් වියළෙන්නට ප්‍රථම මෙසේ කළ යුතුයි.
- ඉන්පසු මේස පිහියකින් කැමති හැඩයකට කපා ගන්න
