Pumpkin Pudding වට්ටක්කා පුඩිම Sinhala Recipes

pumpkin pudding වට්ටක්කා පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා ග්‍රෑම් 500
  • සීනි ග්‍රෑම් 150
  • මාගරින් ග්‍රෑම් 100
  • බිත්තර 01
  • බේකින් පවුඩර් තේ හැඳි 01
  • සිහින්ව කපා ගත කජු ග්‍රෑම් 100
  • ගෝල්ඩන් සිරප් මේස හැඳි 01
  • වැනිලා තේ හැඳි 1/2

සාදන ක්‍රමය

  • වට්ටක්කා පොතු ඉවත් කර හුමාලයෙන් තම්බා ගන්න
  • සීනි සහ මාගරින් හොඳින් මිශ්‍ර කර මෙයට බිත්තර කහමදයද එක් කර ගෝල්ඩන් සිරප් දමා කලවම් කරගන්න.
  • බිත්තර සුදු මදයට ලුණු ස්වල්පයක් දමා පෙණ නගින තුරු ගසා ගන්න
  • ගසා ගත බිත්තර සුදු මදයට තම්බා ගත් වට්ටක්ක, බේකින් පවුඩර්, කජු සහ වැනිලා ද දමා හොඳින් මිශ්‍ර කර ෆැරන්හයිට් අංශක 300 උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් පමණ බේක් කර ගන්න
  • කස්ටඩ් යොදාගැනීමෙන් රසය වැඩි කර ගත හැකිය

Pumpkin Pudding වට්ටක්කා පුඩිම