Raspberry Traipal cake Sinhala Recipes රාස්බෙරි ට්‍රයිෆල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය...


• රාස්බෙරි/ස්ට්‍රෝෙබරි/බටර් කේක් 250-300g
• රාස්බෙරි ජෙලි
• කස්ටඩ්

රාස්බෙරි ජෙලි සඳහා අවශ්‍ය දුව්‍ය...

  • රාස්බෙරි ගෙඩි කෝ. 1

  • සීනි කෝ. ½

  • වතුර කෝ. ½

  • ජෙලටින් තේ හැඳි 2 ½

  • (මේ සියල්ල වෙනුවට රාස්බෙරි ජෙලි පැකට් එකක් ගන්න පුලුවනි)

රාස්බෙරි ජෙලි සාදන ආකාරය.....

රාස්බෙරි, සීනි සහ වතුර දමා උණු කර පෙරා ඇට ඉවත් කර ගෙන 250ml හදා ගන්න. එයට ජෙලටින් දිය කරන්න. රාස්බෙරි ගෙඩි නැති නම් රාස්බෙරි ජෙලි පැකට් එකක් අරන් එකේ කියලා තියෙන වතුර ප්‍රමාණයට වඩා කෝප්ප 1ක් අඩුවෙන් දාගෙන හදා ගන්න.

කස්ටඩ් එකට....

මම ගත්තේ කස්ටඩ් පවුඩර්. කස්ටඩ් පවුඩර් පැකට් එකේ කියපු විදියට 250 ml (හෝ කේක් කෑලි පෙඟෙන සහ වැසෙන ප්‍රමාණයට) හදා ගෙන එයට ජෙලටින් හැඳි ½ පමණ දිය කර රෝස පාට සහ රාස්බෙරි එසන්ස් දමා නිවා ගන්න.

ට්‍රයිෆල් එක සෑදීම....

• කේක් (මම ගත්තේ රාස්බෙරි කේක්) 250g-300g පමණ ගෙන කැබලි කඩා ගෙන ලයිනින් කළ (cling film, lunch sheet, baking paper, polythene paper, foil මේ ඕනෑම දෙයකින්) බඳුනක පතුලේ අතුරන්න.
• දැන් නිවා ගත් කස්ටඩ් එක කේක් වැසෙන තරමට දමා සවි වන තුරු ශීතකරණයේ පැයක් පමණ තබන්න.
• දැන් කේක් උඩට නිවා ගත් රාස්බෙරි ජෙලි හෙමින් වක්කරන්න. කේක කස්ටඩ් මිශ්‍රණය ශීත වන තුරු ජෙලි එක සාදා ගන්න පුලුවන්. ජෙලි ගොඩක් කලින් හැදුවොත් හයි වෙන්න ඉඩ තියෙනවා.
• ජෙලි දැමූ පසු නැවත ශීතකරණයේ අඩු තරමේ පැයක් වත් (සංග්‍රහ කරන තුරු) තබන්න.
• දැන් තැටිය ශීතකරණයන් එළියට ගෙන ලයිනින් එකෙන් උස්සා ට්‍රයිෆල් එක තැටියෙන් එළියට ගන්න. එය උණු වතුරේ දමා ගත් පිහියකින් කෑලි කපන්න.
• සංග්‍රහ කරන විට රාස්බෙරි, මින්ට් කොළ, අයිස් ක්‍රීම් හෝ ගැලපෙන පළතුරක් සමග පිළිගන්වන්න.

Raspberry Traipal රාස්බෙරි ට්‍රයිෆල් කේක්