Rata Idhi Biscuits රට ඉදි බිස්කට් Sinhala Recipes

rata idhi biscuits රට ඉදි බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • රට ඉඳි 1kg
  • සුවඳ කුඩු 10g
  • වෙජිටබල් ගී පේස්ට් 50g
  • පිටි 600g
  • අයිසින් සීනි 250g
  • බටර් 375g
  • සිනමන් පවුඩර්10g
  • බිත්තර 2
  • තල ඇට ටිකක්

සාදන ආකාරය

රට ඉදි ඇට ඉවත් කර කුඩාවට පොඩි කරන්න. දැන් එයට සුවද කුඩු, ගී පේස්ට් දමා හොදින් අනා ගෙන ගුලියක් ලෙස සාදා ගන්න. එය පසෙකින් තබන්න.

දැන් වෙනම භාජනයක් ගෙන පිටි, අයිසිං සීනි, බටර් හා සිනමන් පවුඩර් එකතු කර හොදින් අනාගෙන තවත් ගුලියක් ලෙස සකසා ගන්න.

දැන් පැතලි පෘෂ්ටයක් මත තෙල් කඩදාසියක් අතුරා මුලින්ම රට ඉදි මිශ්‍රනය දමා ඒ මත තවත් තෙල් කඩදාසියක් දමා රෝලින් පින් එකකින් තුනී කර ගන්න.

ඉන් පසු මේවා එක හා සමාන හතරැස් කැබලි හතරකට කපා සකස් කර ගන්න.

දැන් ඒ ආකාරයටම පිටි මිශ්‍රණයද තුනී කර එම තරමටම කොටස් 4ක් කපා සකස් කර ගන්න. ෙබ්කිං ට්‍රේ එකක් ගෙන පිටි මිශ්‍රණය සහිත කැබැල්ලක් ඒ මත තබන්න. ඒ මත රට ඉදි මිශ්‍රණය සහිත තට්ටුවක් තබන්න.

මේ ආකාරයට සියල්ල තබා නිමවු පසු උඩට බිත්තර තට්ටුවක් පින්සලකින් ආලේප කරන්න. දැන් තල ඇට ටිකක් උඩින් ඉසින්න. වෙන් නොවන ලෙස අවශ්‍ය තරමේ කෑලි කපා ලකුණු කර තබන්න.සෙ.150˚ උෂ්ණත්වයේ මිනිත්තු 15-20ක් පමණ වේලා පුලුස්සා ගන්න. පසුව කැබලි වෙන් කර ගන්න.

Rata Idhi Biscuits රට ඉදි බිස්කට්