Ribbon Cake රිබන් කේක් Sinhala Recipes

ribbon cake රිබන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය;

  • මාගරින් 250 g
  • කුඩු කරගත් සීනි 250 g
  • පාන් පිටි 250 g
  • බිත්තර 4
  • බේකින් powder තේ හැඳි 2
  • වැනිලා තේ හැඳි 1
  • පාට කිහිපයක කලරින්

සාදන ආකාරය:
1. බඳුනකට මාගරින් දමා හොඳින් බීට් කරන්න.
2. සීනි ටිකටික එකතු කර බීට් කරන්න
3. සීනි දිය වූ පසු බිත්තර එකින් එක එකතු කර බීට් කරන්න.
4. පාන් පිටි වලට බේකින් powder එකතු කර 3 වරක් හලා ඉහත මිශ්‍රණයට එකතු කර කලවම් කරගන්න.
5. වැනිලා එකතු කර, මෙම මිශ්‍රණය සමාන කොටස් 4 කට වෙන් කරන්න.
6. කලරින් එකතු කර oil paper එලා ගත් තැටි වල දමා පුලුස්සා ගන්න. මගේ ඔවෙන් එකේ නම් 225c - විනාඩි 30 කි. කේක් නිවාගන්න.

අයිසින් හදමු.
මාගරින් 125 g කට අයිසින් සීනි 250 g ක් හා වැනිලා තේ හැඳි 1 ක්, කිරි තේ හැඳි 1 ක් දමා බීට් කරන්න.
කේක් එක අයිසින් කරමු
කේක් එකින් එක අයිසින් දමා අලවා ගන්න.

වටේද කවර් කරගන්න

Ribbon Cake රිබන් කේක් Sinhala Recipes