Seeni Symbol සීනි සම්බෝල සාදාගන්නා ආකාරය Sinhala Recipes

seeni symbol සීනි සම්බෝල සාදාගන්නා ආකාරය

අවශ්‍ය දුව්‍ය

  • රතුළූණු ග්‍රෑම් 250 (තීරු කපාගන්න)
  • බොම්බයි ළූණු ග්‍රෑම් 250 (සිහින්ව ලියාගන්න)
  • කුඩුකරගත් උම්බලකඩකුඩු ග්‍රෑම් 100
  • මිරිස් කුඩු මේස හැඳි 3 යි
  • කුරුඳුපොතු කුඩා කැබැල්ලක්
  • සියඹලා ග්‍රෑම් 50 (දියකරගන්න)
  • කරාඹුනැටි 6 යි
  • කරදමුංගු කිහිපයක්
  • සුදු ළූණු බික් 5 (තලාගත්)
  • ඉඟුරු කුඩා කැබැල්ලක් (තලාගන්න)
  • දෙහි බෑයක්
  • පොල් තෙල් මේස හැඳි 10
  • කරපිංචා කුඩා ඉත්තක් (කැබලි කඩා ගන්න)
  • සීනි මේස හැඳි 6 යි
  • ලුණු ස්වල්පයක්

මෙහි සාදන ආකාර දෙකකින් ලියා ඇත. එකිනෙකා උයන පිහින ආකාරය වෙනස්ය.

සාදන ක්‍රමය:- ( i )

දෙහි හා පොල් තෙල් හැර අනෙක් සියළුම දේ භාජනයකට දමා හොඳින් අතින් මිශ්‍රකරගන්න.

දැන් වළඳක් ලිප තබා එයට පොල්තෙල් දමා රත්වූ පසු භාජනයේ ඇකි මිශ්‍රණය එයට දමන්න.

සුවඳ හමන තුරු මද ගින්නේ හැඳි ගාමින් පිස ගන්න.

පසුව ලිපෙන් බාගත් පසු දෙහි මිශ්‍ර කර නැවත හැඳිගාන්න.

(මෙහිදී ඔබගේ රස අනුව අඩු වැඩිය එකතු කර ගන්න.)

සාදන ක්‍රමය:- ( ii )

පළමුව ළූණු වර්ග දෙකම සිහින්ව ලියාගෙන දුඹුරු වනතෙක් බැදගෙන තෙල් බේරෙන්නට පත්තර පිටුවක දමන්න. තෙල් මේස හැඳි 1/2 ක් රත්කර කරදමුංගු කරාඹුනැටි, කරපිංචා, රම්පෙ තෙම්පරාදු කර මිරිස් කුඩු එකතුකරන්න. උම්බලකඩ කුඩු, බැදගත් ලුනු, සියඹලා හා ලුණු දමා විනාඩි 2 ක් පිසගන්න. ඉන්පසු සීනි මිශ්‍රකර ළිපෙන් ඉවත්කර ගන්න.

Seeni Symbol සීනි සම්බෝල සාදාගන්නා ආකාරය