Sini Symbol Misha Malu සීනි සම්බෝල මිශ්‍ර මාලු Sinhala Recipes

sini symbol misha malu සීනි සම්බෝල මිශ්‍ර මාලු

අවශ්‍ය ද්‍රවය

  • තලපත් මාලු 500g
  • ලුණු රසට අනුව
  • දෙහි යුෂ
  • ගම්මිරිස් කුඩු
  • තෙල් ටිකක්
  • කෙසෙල් කොලයක්
  • සීනි සම්බෝල ටිකක්( මෙය සීනි නොදමා සකස් කර ගන්න)

සාදන ආකාරය

මාලු කැබැල්ල හොදට සෝදා අඟල් 3×3 පමණ පැතලි පතුරු ලෙස කපා ගන්න. දැන් මෙයට ලුණු ,ගම්මිිස් , දෙහි යුෂ දමා ටික වෙලාවක් පදම් වන්නට හරින්න. මාලු කැබැල්ල මෙන් තුන් ගුණයකට වඩා දිගටි කෙසෙල් කොල තීරුවක් කපා ගන්න. දැන් මාලු කැබැල්ල කෙසෙල් කොළය මත තබා ඒ මතට සීනි සම්බෝල ටිකක් අතුරන්න. ඉන්පසු දෙවරක් එතෙන ආකාරයට කෙසෙල් කොළයේ ඔතා ගන්න. මේ ආකාරයට මාලු සියල්ල නිමවන තුරු කෙසෙල් කොල වල ඔතා ඒවා තැටියක අඩුක්කර උදුනේ දමා සෙ. 150˚ ක උෂ්ණත්වයේ මිනිත්තු 10-15ක් පුලුස්සා ගන්න. අවන් එකක් නොමැති නම් සීසන් කර ගත් මාලු පෙත්ත ගෙන තෙල් ටිකක් ගාගත් පෑන් එකක ගින්දරේ යන්තමට බැද ගන්න. ඉන් පසු එය මතුපිටට එන ලෙස කෙසෙල් කොළය මත තබන්න. තෙලෙන් පිලිස්සුණු පෘෂ්ඨය මතට සීනි සම්බෝල අතුරා කෙසෙල් කොළය කරකවා ඔතා තෙල් ආලේප කර පෑන් එකක අඩුක් කර වසා ඉතා මද ගින්දරේ කෙසෙල් කොලය පිලිස්සෙන තුරු තම්බා ගන්න.

Sini Symbol Misha Malu  සීනි සම්බෝල මිශ්‍ර මාලු