Snake gourd Salad, Pathola Sambolaya පතෝල සම්බෝලය - Sinhala Recipes

snake gourd salad, pathola sambolaya පතෝල සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලපටි පතෝල ගෙඩි 02 ක්
  • රතුළුණුගෙඩි 03 ක්
  • අමුමිරිස් කරල් 3 ක් 4 ක්
  • 1/2 දෙහි ගෙඩි 1/2 ක යුෂ
  • ලුණු තේ හැඳි 01 ක්
  • අඹරාගත් අබ තේහැඳි 01 ක්
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක්
  • උම්බලකඩ මේස හැඳි 02ක්

සකස් කරන ආකාරය

ළපටි පතෝල සුද්ධකර සෝදා සිහින් පෙති කපා ගන්න.
එයට ලුණු ස්වල්පයක් දමා එහි ඇති වතුර ගතිය මිරිකා ඉවත් කරගන්න.
ලුණු අමුමිරිස් සිහින්ව ලියාගන්න.
ළුණු අමුමිරිස් උම්බලකඩ ගම්මිරිස් කුඩු අබ ලුණු දෙහි යුශ එකට දමා හොඳින් අනා ගන්න.
ඉන්පසුව එයට මිරිකාගත් පතෝල කැබලි දමා කලවම් කරගන්න.

Snake gourd Salad, Pathola Sambolaya පතෝල සම්බෝලය - Sinhala Recipes