Stiky Chocolate Pudding ස්ටිකි චොකලට් පුඩිං Sinhala Recipes

stiky chocolate pudding ස්ටිකි චොකලට් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය:

  • දුඹුරු සීනි ග්‍රෑම් 150 ක්
  • බිත්තර 03 ක්
  • මාගරින් ග්‍රෑම් 12 ක්
  • කොකෝ පවුඩර් ග්‍රෑම් 25 ක්
  • ලුණු ස්වල්පයක්
  • පිටි ග්‍රෑම් 125 ක්
  • කුකිං චොකලට් ග්‍රෑම් 30 ක්
  • සුදු චොකලට් ග්‍රෑම් 75 ක්
  • සෝස් එක සඳහා
  • ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 175 ක්
  • බටර් ග්‍රෑම් 25 ක්
  • දුඹුරු සීනි ග්‍රෑම් 75 ක්

සාදන ආකාරය:

සීනි සහ බටර් භාජනයකට දමා හොඳින් බීට් කරන්න. මෙය මෘදු වනවිට බිත්තර එක බැගින් දමමින් බීට් කරන්න. පිටි, කොකෝ පවුඩර් සහ ලුණු හොඳින් හලාගන්න. එය ඉහත මිශ්‍රණයට එකතු කරන්න. චොකලට් චිප්ස් සියල්ල ද මේ මිශ්‍රණයට එකතු කරගන්න.

දැන් අවන් එකේ තැබිය හැකි පුඩිං කප්ස් 06 ක් ගෙන ඇලුමිනියම් ෆොයිල්වලින් අඩියේ සිට උඩට එනසේ හොඳින් තදකර වසන්න. උඩ වටේ කෙළවරවල් හොඳින් පිටට නමා තද කරන්න.

අනතුරුව මේවාට ඉහත සකස් කළ මිශ්‍රණය දමා උතුරවන වතුර 3/4 ක් වත්කළ ගැඹුරු තැටියකට දමා සෙල්සියස් අංශක 180 ට රත්වූ විදුලි උදුනක පැයක කාලයක් බේක් කරගන්න.

සීනි, බටර්, ෆ්‍රෙෂ් ක්‍රීම් බඳුනකට දමා ළිප තබා මඳ ගින්නේ හැඳිගාන්න. උතුරන තෙක් හැඳි ගා නිවෙන්නට හරින්න. බේක් කරගත් පුඩිං පිළිගැන්වීමේ දී ඇලුමිනියම් ෆොයිල් එක වටා පිහියකින් බුරුල්කර පැතැලි පිඟානක් මත අනිත් පැත්ත හැරවෙන සේ තබා මේ සෝස් එක උඩින් වත්කර පිළිගන්වන්න

Stiky Chocolate Pudding ස්ටිකි චොකලට් පුඩිං