Swiss Roll Sinhala Recipes ස්විස් රෝල්

උවමනා ද්‍රව්‍ය

  • බිත්තර 4සීනි ග්‍රෑම් 115.

  • ඇමරිකන් පිටි ග්‍රෑම් 115.

  • බෙකින්ග් පව්ඩර් තේ හැඳි 1/2.

  • රාස්බෙරි ජැම්. තේ හැඳි 2.

සාදන ක්‍රමය


සීනි සහ බිත්තර කහමද පෙන නගින තෙක් හොදින් තට්ටු කරන්න .ඉන් පසු පිටි සහ තට්ටු කරගත් බිත්තර සුදු මද හොඳින් කවලම් කරගන්න. පසුව පැතිලි තැටියක මෙම මිශ්‍රණය අගල් බාගයක් පමණ ගනකම තරමට තුනිහි කර ගන්න .
තුනිහි කරන්නට පළමුවෙන් බෙකින් පවූඩර් මිශ්‍ර කරගන්න. උණුසුම් පෝරණුවක තම්බා ගන්න. යන්තම් දුබුරු වර්ණය වෙනවිට පොරනුවෙන් ඉවතට ගන්න. වටේට තිබෙන වාටි කපාගෙන කේක් එක හැඩ කරගන්න. දැන් කේක් එකේ මතුපිට හොඳින් ජෑම් අලේප කරගන්න. උණුසුම්ව තිබියදීම කේක් එක හොදින් රෝල් කරගන්න .ඔබට කැමති ජෑම් වර්ගයක් ආලේප කරගන්න .

Swiss Roll ස්විස්  රෝල්