Thala Boola තල බෝල Sinhala Awurudu Recipes
thala boola තල බෝල
අවශ්‍ය ද්‍රව්‍ය
- තල 500g
- පැණි කෝප්ප1 ½
- සීනි 200g
- බැදගත් තල 100g
සාදන ආකාරය
හොඳින් සෝදා වියළා ගත් තල කැබලි සිටින සේ කොටා ගන්න. සීනි හා පැණි භාජනයකට දමා පත් පැණි තරමට උණු කරන්න. හොඳින් උණු වන විට ගින්දර අඩු කර කොටා ගත් තල ටික දමා මිශ්‍ර කරන්න. තෙ ත අඩු වු විට ළිපෙන් බා තරමක් නිවුණු පසු කුඩා බෝල සකසා ගන්න.එම බෝල බැදගත් තල ඇට මත පෙරළා අසුරා ගන්න.
