Thiramisu Cake Sinhala Recipes තිරමිසු කේක්

කේක් එක සෑදීම සදහා:

  • බටර් 250 g

  • සීනි 250 g

  • පිටි 250 g

  • බිත්තර 4

  • ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4

  • බේකින් පවුඩර් තේ හැදි 1

  • වැනිලා තේ හැදි 1

කොෆි සිරප් එක සදහා

espresso කොෆි කෝප්ප 3/4 හෝ තමන් කැමති කොෆි එකක් ගන්න .
සීනි තේ හැදි 1 ( නැති උනත් කමක් නැහැ)

මැද පිරවුම සදහා

  • mascarpone චීස් කෝප්ප 1

  • අයිසින් ශුගර් කෝප්ප1

  • වැනිලා තේ හැදි 3

  • ශීත කල විපින් ක්‍රීම් කෝප්ප 1

  • සරසා ගැනීමට

  • කොකෝවා පවුඩර් මේස හැදි 3 ( unsweetened )

  • චොක්ලට් චිප්ස්

සාදා ගන්නා අයුරු

ඉස්සෙල්ලම කේක් එක හදා ගනිමු. බටර් කේක් එකක් නිසා හරිම ලේසියි.බටර් ,සීනි එක්කර හොදින් බීට් කරන්න. බිත්තර වෙනම බීට් කර බටර් සහ සීනි මිශණයට එක්කර නැවත හොදින් බීට් කරන්න. වෙනත් බාජනයක් ගෙන පිටි සහ බේකින් පවුඩර් තුන්සැරයක් හලා ගන්න.දැන් එය බටර් සහ සීනි මිශ්‍රණයට එක්කර නැවත බීට් කරන්න.එයට වැනිලා සහ කිරි එක් කර කලවම් කරන්න. 180 උශ්නත්වයෙන් විනාඩි 25-30 පුලුස්සා ගන්න.
කේක් එක නිවෙන්න තියලා තිරස් අතට ලේයර්ස් දෙකකට වෙන් කර ගන්න. පැත්තකින් තියන්න. දැන් කොෆි සිරප් එක හදා ගනිමු. උනුවතුර එකක් අරගෙන සීනි දමා හෝ නොදමා කොෆි එක හදා ගන්න. පැත්තකින් තියන්න. දැන් මැද පිරවුම හදා ගනිමු. ලොකු බාජනයක් අරගෙන එයට චීස් , අයිසින් ශුගර් සහ වැනිලා දමා හොදින් බීට් කරන්න. තවත් බාජනය අරගෙන විපින් ක්‍රීම් එක බීට් කරගන්න. දැන් විපින් ක්‍රීම් එක බීට් කර ගත් චීස් මිශ්‍රණයට දමා හැන්දකින් හොදින් කලවම් කරන්න.
දැන් කේක් එකේ යට ලේයර් එක අරගෙන ඒ මත සාදා ගත් කෝපි සිරප් එක හොදින් තවරන්න. කෝපි සිරප් එක කේක් එක මතට දැම්මම එය කේක් එකට උරා ගන්නවා. සේරම නොදා ඉතිරි ලේයර් එකටත් තියලා වටේටම හොදින් සිරප් එකෙන් , කේක් එක පොගවා ගන්න. දැන් කේක් එක මත චීස් මිශ්‍රණය තවරා ගන්න. චීස් මිශ්‍රණයෙනුත් ටිකක් ඉතිරි කර ගන්න. උඩ ලේයර් එකට. දැන් කේක් එකේ උඩ ලේයර් එක චීස් මිශ්‍රණය මත් තියන්න. කලින් ආකාරයටම කොෆි සිරප් එකෙන් කේක් එක පොගවා ගෙන උඩින් චීස් මිශ්‍රණය තවරා ගන්න. දැන් වටේට චොක්ලට් චිප්ස් තියන්න. කොකෝවා පවුඩර් කේක් එක මත ඉස හැඩ කර ගන්න. අඩුම තරමින් පැය අටක්වත් මෙය ශීතකරණයේ තියා ආහාරය ගන්න. ශීතකල තරමට රස වැඩියි.

Thiramisu Cake තිරමිසු කේක්