Vegetable Sanvich එලවලු සැන්විච් සාදාගන්නා ආකාරය Sinhala Recipes

vegetable sanvich එලවලු සැන්විච් සාදාගන්නා ආකාරය

අවශ්‍ය දැ

  • පාන් පෙති 4 ක්
  • තම්බාගත් අර්තාපල් 4 ක්
  • සිහින් ව කපාගත් ළුණු ගෙඩි 1 ක්
  • සිහින් ව කපාගත් තක්කාලි ගෙඩි 1 ක්
  • සිහින් ව කපාගත් මාළු මිරිස් ගෙඩි 1 ක්
  • රතු මිරිස් කුඩු තේ හැන්දි 1/2 ක්
  • කහ කුඩු තේ හැන්දි 1/2 ක්
  • රස අනුව ලුණුසිහින් ව කපාගත් අමු මිරිස් තේ හැන්දි 2 ක්
  • සිහින් ව ගාගත් ඉගුරු තේ හැන්දි 2 ක්
  • සිහින් ව කපාගත් කොත්තමල්ලී කොළ තේ හැන්දි 2 ක්
  • නොගැඹුරු බැදීම සඳහා තෙල්

සාදාගන්නා ආකාරය

බදුනක් ලිප තබන්න.ගින්දර මදව දමන්න.රත් වු බදුනට තෙල් එකතු කරන්න.පසුව එයට අල,ළුණු,අමු මිරිස්,මාළු මිරිස,ඉගුරු,රතු මිරිස්,කහ කුඩු එකට දමා විනාඩි 6 ක් පමණ වෙලා පිස ගන්න.පසුව තක්කාලි සහ කොත්තමල්ලී කොළ එකතු කරන්න.එයටම රස අනුව ලුණු එකතු කරන්න.පසුව විනාඩි 3 ක් තබා බාගන්න.

පසුව පාන්පෙති ගෙන එයට සදාගත් මිශ්‍රණය ගා ගන්න.ඔබේ රසවත් සැන්විච් එක රසවිදින්න.

Vegetable Sanvich එලවලු සැන්විච් සාදාගන්නා ආකාරය