වඩේ වඩ Wade Recipes Sinhala
මේ අතරෙම තේ වෙලාවට රසට වගේම ටිකක් සැරට කන්න හිතෙන වැඩේ ටිකකුත් හදා ගමුද?

අවශ්‍ය ද්‍රව්‍ය
  • පරිප්පු 250g
  • රතු ලූනු (සිහින්ව ලියාගත්) 30g
  • මුගුණුවැන්න සිහින්ව ලියාගත් 50g
  • අමු මිරිස් (සිහින්ව ලියාගත්) කරල් 3
  • වියළි කෑලි මිරිස් තේ හැඳි 1/2
  • කරපිංචා (සිහින්ව ලියාගත්)
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1
  • තෙල් බෝතල් 1/2
  • ලුණු අවශ්‍ය පමණට
සාදන ක්‍රමය

මුලින්ම පරිප්පු ටික අරගෙන ගරන්න. ඒ විදිහට සෝදා ගත්ත පරිප්පු පැය 2ක් විතර පෙඟෙන්න හරින්න. පෙඟෙන්න හැර විනාඩි 15ක් විතර වතුර බේරෙන්න තියන්න.
මුගුණුවැන්න හැර අනික් සියලු දේවල් වංගෙඩියකට දා අඩකට වැඩිවෙන විදිහට කෙටා ලුණු ඇඹුල් රස බලා ගන්න. හීනියට කපාගත් මුගුණුවැන්න දා කළවම් කරගන්න.

ඊට පස්සේ තෙල් තාච්චියක් ළිපේ තබා තෙල් දමා තරමක් රත් වුණාම හදාගත් මිශ්‍රණය තරමක් පොඩියට ගුළි හදාගෙන තද කරගෙන මඳ ගින්නේ බැද ගන්න.
මෙසේ තමන් කැමැති ඕනම කොළ වර්ගයක් මිශ්‍රකර වඩේ හදාගන්න ඔයාට පුළුවන්. මේ මිශ්‍රණයෙන් වඩේ 25ක් විතර හදාගන්න පුළුවන්.
උපුටා ගැනීම මව්බිම පුවත් පතඇසුරෙන
වඩේ හදමු