වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයි

පොලිස් අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට එල්ලවූ චෝදනා විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුව මුලික කරුණු 4කින් සමන්විත සිය අතුරුවාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාර දී තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි විමර්ශන සදහා සය පුද්ගල විමර්ශන කමිටුවේ සංයුතිය හා සාමාජීකයින් සංඛ්‍යාව පුළුල් කළයුතුයි බවයි.

මේ අතර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 630 ඉක්මවා තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී ෂෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සදහා පසුගිය 28 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සය පුද්ගල විමර්ෂණ කමිටුවක් පත්කරනු ලැවේය.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ සභාපතිත්වය යටතේය.

අදාළ විමර්ශන කමිටුව පසුගිය දින කිහිපය පුරාවට සිදුකළ විමර්ශන ඇතුළත් අතුරු වාර්තාවක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත භාරදෙනු ලැබුවේය.

එහි මුලික කරුණු 4 ක් සදහන් කර තිබේ.

මූලික විමර්ශනයට අදාළ සිදුවීම් මාලාව දීර්ඝ කාලසීමාවක් තුළ පැතිර ඇති බැවින් හා මේ සම්බන්ධ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාත්මක වශයෙන් ද ඉතා ඉහළ අගයක් ගෙන ඇති හෙයින් විමර්ශන කමිටුවේ සංයුතිය හා සාමාජික සංඛ්‍යාව පුළුල් කිරීම.

අදාළ කාලසීමාව තුළ කුරුණෑගල රෝහල තුළ සීසර් සැත්කමට බඳුන් වී ද්විතීය මදසරුභාවයට පත්ව ඇති කාන්තාවන්ගේ සියලුම පැමිණිලි විමර්ශනය කිරීම.

විමර්ශනය හා ඉදිරි කටයුතු සාර්ථකව කරගෙනයාම පිණිස අත්‍යවශ්‍ය පරිපාලනමය සහයෝගය කමිටුව වෙත ලබා දෙන ලෙසට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම.

අදාල කාල සීමාව තුළ කුරුණෑගල රෝහලේ දී සීසර් සැත්කම් වලට බඳුන් වූ පසු මඳසරුභාවයට පත් වූ සියළුම මව්වරුන්ගේ හා ඒ ඒ සැත්කම සඳහා සහභාගි වූ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සියලුම තොරතුරු කමිටුව වෙත ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා වෙත දැන්වීම.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම කරුණු සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්හි අවධානයට යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මේ අතර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදුනොවු බව සහ සංකූලතා ඇතිවූ බව පවසමින් අදත් මව්වරු 66 දෙනෙකු කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ අනුව මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 544 කි.

එමෙන්ම මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අදත් මව්වරු 21 ක් දෙනෙකු දඹුල්ල මහ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

මේවන විට එම රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 86 කි.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ රෝගීයාගේ කැමැත්ත නොමැතිව සිදුකරන ඕනෑම ශල්‍යකර්මයක් වෛද්‍ය ආචාරධර්ම වලට පටහැනි වන බැවින් එවැනි ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

එබැවින් මෙම සිදුවීම් මාලාව නිසා සෞඛ්‍ය සේවා පිළිබඳව ජනතා විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බවත් මෙමඟින් මෙරට මාතෘ සෞඛ්‍ය සේවා සඳහා ඇතිවන බලපෑම ගැන දැඩි අවධානයෙන් පසුවන බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද(03) පැවත්වූ මාධ්‍යහමුවදීත් මේ සම්බන්ධයෙන් අදහස් පළකෙරුණි.


Gossip News Sinhala

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයිතමා අත්අඩංගුවට නොගත්තා නම් ත්‍රස්ත ප්‍රහාර අවමකර ගැනීමට හැකියාව තිබූ බව ...වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයි - Colombo Todayපොලිස් අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට එල්ලවූ චෝදනා විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුව මුලික ...වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයිපොලිස් අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට එල්ලවූ චෝදනා විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුව මුලික ...Lankadeepa Online|| වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයිවෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි චුටි පුතා Monday, 17 June 2019 11:44 AM හරි දැන් මේ සිද්දියත් මැච් එකේ ස්කෝර් එක වගේ අප්ඩේට් දිදී ඉන් නැතුව විභාගෙට ගත්තොත් නරකද.අතුරලියේ රතන හිමියෝ උපවාසය අවසන් කරතිආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් වෙයි. වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයිවෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් පැමිණිලි 40 ක් – මුළු පැමිණිලි ...අමරසර; Spiritual Healer FB. 01. මං කෑමට හරි ආසයි කෑම දැක්කම මට ඉවසගෙන ඉන්න බෑ !වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයිවඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව ඊයේ (17) 1,000 ඉක...වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයිඊයේ දිනය වනවිට දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 164 ක් විය.වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 600 ඉක්මවයිඑමෙන්ම වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාව හෙට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට බාර දීමට නියමිතයි.වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි - වත්කම් ගැන ...වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි – වත්කම් ගැන තවදුරටත් cid පරීක්ෂණ Posted on 06.18.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments