premawathi guru maniyo nawarathna gurunnanse

ලෝක ළමා දිනය සමරන්නට යෑයි කියා ඉහළ පන්තිවල සිසුන් පහළ පන්තිවලින් රුපියල් 50 ගානේ කරලා

අරණායක - ගරුමුණි තිලකරත්න
ලෝක ළමා දිනය මත්වතුර දිනයක්‌ බවට පත් කරගෙන සාදයක්‌ පැවැත්වීම ස`දහා සිය පාසලේ පහළ පන්තිවල සිසුන්ගෙන් ඉහළ පන්තියක සිසුන් පිරිසක්‌ මුදල් එකතු කළැයි කියන සිද්ධියක්‌ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ එක්‌තරා විදුහලකින් වාර්තා වී ඇත.

ළමා දිනය වෙනුවෙන් සිය විදුහලේ වැඩ සටහනක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඒ ස`දහා එක්‌ සිසුවෙකුගෙන් රුපියල් 50 බැගින් එකතු කරන ලෙසට විදුහල්පතිවරයා විසින් උපදෙස්‌ දී ඇති නිසා ඊළ`ග දිනයේ නොවරදවාම එම මුදල් රැගෙන එන ලෙසත් එහි දොළොස්‌ වන ශ්‍රේණියේ සිසුන් පිරිසක්‌ විසින් 6 වන ශ්‍රේණියේ සිසුන්ට දැනුම් දී තිබේ. මේ බව පන්තිභාර ගුරුතුමාට දැනගන්නට ලැබුණු වහාම ඒ පිළිබ`ද විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු අදාළ සිසුන් කැ`දවා ප්‍රශ්න කිරීමේදී සිද්ධියේ සුල මුල හෙළිදරව් වී තිබේ. මේ අනුව වහාම එම සිසුන් කැඳවූ විදුහල්පතිවරයා මින් මතු මෙවැනි දේ නොකරන ලෙසටත් මෙවැන්නක්‌ කර යළි හසුවුවහොත් දෙමාපියන් ද විදුහලට කැඳවූ රතු අකුරෙන් අස්‌විම් සහතිකයේ සටහන් තබා පාසලෙන් දොට්‌ට දමන බවටත් පවසමින් තරයේ අවවාද කොට මුල් වතාවටත් අවසන් වතාවටත් සමාව දී ඇති බවද පැවසේ.

කෙසේ වුවද මෙම ආධාර එක්‌රැස්‌ කිරීමට කටයුතු කළ සිසු කල්ලිය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිසක්‌ බවට විදුහලේ සිසුන් අතර කලක සිට රාවයක්‌ පවතී
.