Advertisement Gurukam Advertisement

Donald Trump - ට්‍රම්ප් දිවුරුම් දෙයි හිලරිට මූල්‍ය වංචා චෝදනා

ඇමරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 දා දිවුරුම් දීමට නියමිතය.

තමාගේ අරමුණ සියලුම ඇමරිකානුවන් එක්‌සත් කිරීම බවද ට්‍රම්ප් කියා සිටියේය.

ප්‍රකට හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් මම මගේ රටට ආදරෙයි යනුවෙන් කළ ප්‍රකාශය ට්‍රම්ප්ද ප්‍රකාශ කර ඇත.

එසේම ඇමරිකාවේ විදේශ පිළිවෙත සම්බන්ධයෙන් අලුතින් ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස ට්‍රම්ප්ගේ උපදේශක මණ්‌ඩලය වත්මන් ජනාධිපති ජනාධිපති බැරක්‌ ඔබාමාට අනතුරු අඟවා ඇත.

ට්‍රම්ගේ උපදේශක මණ්‌ඩලය තවදුරටත් ඔබාමාට පවසා ඇත්තේ ඊශ්‍රායල් පලස්‌තින අර්බුදයට අතතැබීමෙන් වළකින ලෙසයි. මේ අතර අයිසිස්‌ ත්‍රස්‌තවාදීන්ට සහාය දක්‌වන රටවල්වලින් අරමුදල් ලබාගත් බවට හිලරි ක්‌ලින්ටන්ට බරපතළ චෝදනාවක්‌ එල්ල වී තිබේ. තමා පරාජයට පත්වූයේ එෆ්. බී. අයි. පොලිස්‌පති ජේම්ස්‌ කොම් සහ බැරක්‌ ඔබාමා නිසා යෑයි හිලරි චෝදනා කර ඇත.

(දිවයින පුවත්පත ඇසුරෙනි)